Take Care | Episode 08 - (2024-06-23) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

TRENDING # 1 🎉🎉🎉 Thank you everyone.. බොහොම ස්තූතියි මේ ආදරයට 🙏🙏

saranga-dinakshie
Автор

නුඹෙ පැලට කිරි සුවඳ ගෙනෙනු බැරි හින්දා..
දැවි දැවී අලු වුණා හිත කරුමෙ හින්දා..
රජෙකුටත් වඩා වැඩි සුව පහසු රන්දා..
මං පේවුණා හොඳින් දෙව් බුදුන් යැද්දා..

ජැන්ඩියට ඇඳ යන්න රෙදි බරක් සෝදා..
හැමදාම සීරුවට නුඹේ රෙදි මැන්දා..
සඝ දානෙකට වාගේ බත් එකත් බැන්දා..
මගේ පණ රැකදෙන්න යන විටදි යැද්දා..

දැනුනෙ නෑ වෙනස නම් මා ගැනත් බැලුවා..
මගෙ මැණික මහන්සිද ආ ගමන් ඇහුවා..
යන්න ඕනෑ කොහෙද එක්ක මා යනවා..
ආදරේ වැඩියෙනුත් මං ඉතිං හිතුවා..

නාදුනන කෙස් රොදක් බොත්තමක පැටලිලා..
පළමු වර උපන් සැක ඔහෙ ගියා වැලලිලා..
කන්තෝරුවේ උන්නෙ දෙන්නාම ගැස්සිලා..
හදිසියේ මම ගියේ නැත කලින් දන්වලා..

කෙස් රොදේ හිමිකාරි හදිසියේ හමුවුණා..
උන්ගෙ ඇස් වලින් ලොකු කතාවක් කියැවුණා..
අහන්නට නෑ දෙයක් හිත තදට ගැස්සුණා..
නොපෙන්වා කිසි දෙයක් මම සැනින් පිට වුණා..

ගැබ්බරලු ඈ මටම සියලු දේ සැලවුණා..
දෙදෙනාම පැටියාව බිලි දෙන්න සැරසුණා..
කිරි කැටියා කිසි දෙයක් නොදැන ආවා විනා..
කෝම මං ඉඩ දෙම්ද දරුවා ඕනෑ වුණා..

සුවපහසු මන්දිරේ මේ ඉඩත් වැඩි තරම්..
කෑම තුන් දෙනෙකුටම හැදුවහැකි ඇති තරම්...
ඕනනම් දෙන්නහැකි කාමරෙත් ඉන්නනම්..
එක්කගෙන ආවෙ ඒ
ගෙදරටම නංගි මං..

මට අහිමි නුඹට හිමි මව් කිරුළ පළඳන්න..
පුලුවනියි දොළදුකට ඕන කෑමක් දෙන්න..
හිතෙන ඕනෑ දෙයක් බය නැතුව ඉල්ලන්න..
නංගියේ කිරි කැටියා බිලි නොදී මට දෙන්න...

සුමංගා සොබාසිරි
2024.06.24

SumangaSobasiri
Автор

සම්මාන මේ තුන්දෙනාටම හිමිවෙන්න ඕනි...රගපානවා තාත්විකව...

deepthifernando
Автор

අවුරැදු ගානක් තිස්සෙ දරැවෙක් නැති වේදනාව මාත් විඳිනවා. අසේනි වගේම දේවාල ගානෙ ගිහින් කටේ තියන්නවත් අමාරැ බෙහෙත් ජාති බීලා ආස කරන කෑමක් බීමක් නොකා නොබී දරැවෙක් වෙනුවෙන් කොච්චර කැපවීම් කලත් අදටත් ඒක හීනයක් විතරමයි 🥺 ඒ නොලැබීම එක්කම ජීවිතේ ලස්සනම කාලෙ දැන් ඉවර වෙලා. ඒත් තාම ජීවත් වෙනවා. මොනවා උනත් අසෙනිට උනා වගේ දෙයක් උනානමි කවදාවත් මෙහෙම ඉවසීමෙන් ඉන්න මටනම් බැරි වෙයි. මන් වගේම දරැ පැටියෙක් වෙනුවෙන් හීන දකින හැම ගැහැනියකගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏 ඇත්තටම කතාව හරිම ලස්සනයි ❤

nilukasandamali
Автор

වටේ යන පිරිමින්ට හොද wade .අසේනී ගේ ඉවසීම, ගත්ත තීරනය great!

Newage-mb
Автор

මේ කතාව බලනකොට මට තේරුම් ගියේ පිරිමි කොච්චර ආත්මාර්ථකාමී ද? ගැණු කොච්චර අසරණ වෙනවද කියලා විතරයි මට හිතෙන්නේ.

WasanaNadeeshani-ss
Автор

වාසල ගැන පට්ටම තරහයි. සාරංග ඔයා අතිශයින් සාර්ථකයි 👍

shanll-knlb
Автор

මේ ලොකේ කිසිම ගෑනියෙක්ට දරුවො නැති වෙන්නනම් එපා.❤

kumakumari
Автор

දැන් තමයි කතාවේ හොදම කොටස් ටික යන්නේ..අවලමේ ගිය තමන්ගේ මිනිහට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න යන්නේ අසේනි ...ජීවිතේට අමතක නොවෙන්න.පොඩි ආශ්වාදයක් නිසා ජීවිත කාලෙම මැරි මැරි ඉපදෙන්න වාසලවගේ පිරිමින්ට අසේනි වගේ බුදිධිමත් බිරිදක් ලැබෙන්න ඕනේ..කිසිම කලබලයක් කලේ නෑ..නිහඩව ඉදගෙන වැඩේ දෙන්නේ ..මරු acting සාරංගගේ අසරණ වෙච්ච සැමියගේ චරිතේ ලස්සනට රගපානවා..👍

hsinthanashevon
Автор

අසේනි මොලෙන් ගෙම ගහන්නෙ හරිම අමුතු චරිතයක් අසේනි😮❤

ashiaishu
Автор

වාසලගෙ කනට ගහන්න හිතෙන තරමට සුපිරියට සාරංග අයියා රගපානවා👌❤❤

dilharakarunathilake
Автор

සාරංගයි දිනක්ෂිය ඇත්තම ජීවිතයේ හස්බන්ඩ් & වයිෆ් කියන එක අමතක වෙන තරමට හොඳට රඟපානවා...superb ❤

anupamaweerarathna
Автор

මට තාමත් තේරුම් ගන්න බැරි එකම චරිතෙ අසේනිගෙ චරිතය. මොන වගේ චරිතයක් ද කියලා කියන්න තෙරේන්නෙ නැ.ඒ තරමට අතරමං වෙන්න තරම් සුපිරියට ඇය ඒ චරිතෙට පණ පොවනවා ❤❤❤

nadeesharukshani
Автор

මෙි කොලිටි එක ඉදිරියටත් තියාගන්න.මෙි දක්වා අතිශය සාර්ථකයි.මම tv බලන්නේ නෑ.ඒක නතර කරලා දැන් අවුරුදු 15ක් විතර.අහම්බෙන් fb දැකලා බලන්න ගත්තේ.හරිම ලස්සනට ගලාගෙන යනවා කතාව.

Shashikala-vnrz
Автор

අසේනි -මේ ඇද ඇති වෙයිද
වාසල -කාටද
අසේනි -අපි තුන් දෙනාට
වාසල -මොන අසේනි ඔයාට මොලේ හොද නැද්ද ඒ ගෑනි ගේ අස්සට ගෙනාවා මදිවට අපිත් එක්කත් නිදා ගන්න 👍
වාසලට දෙන්නෙ තියන දඩුවම දෙන හිදම විදිහ මේක වගේ පෙනුනට මට නම් හිතෙන්නේම අසේනිට OCD වලට අමතරව personality disorder එකකුත් තිබිලා වාසලව මරයි කියලා ❤️ සාරන්ග කොච්චර හොදට රගපානවද කියනවා නම් වාසලගේ හොම්බට අයින්න හිතුනත් දරුවෙක් හදන්න පුලුවන් කිවුවහම වාසලගේ සතුට දැකලා දුකත් හිතුනා අප්පා 💕

ureshapremala
Автор

රෙබෙකාගේ විශිෂ්ට රඟපෑම් මම දැකලා තියෙනවා. සාරන්ගගේත් . දිනක්ෂි තමයි මේකේ සර්ප්‍රයිස් එක. තව පුළුවන් ඔබට. මේ වගේ කතා, එක දිගටම රූප ගත කරලා ඉවර කරන්න පුළුවන් නම්, ගොඩක් ලේසියි මේ රඟපෑම් වලට. මෙහෙම අලුත් දක්ෂ නිර්මාණකරුවෝ එලි බහින එක ගැන හරිම සතුටුයි.

anuchan
Автор

මිනිස්සු කොච්චර අවස්තාවාදීද

එක අතකින් ගෑනු පව්. ලමයි හම්බෙන එක පිරිමියාට උනානම් බලාගන්න තිබ්බා. මං නම් හිගාකාලා හරි මගෙ දරුවව, බලාගන්නවා..පියා මොකා උනත් ඌට එපානම් මං නම් ඌට පෙන්නන්නෙ නෑ මගෙ දරුවව.. කොහොම හම්බුනත් ඒ මගෙ දරුවනේ..

anuanuu
Автор

ගෙදර ගෑනි විශ්වාසෙන් උදේ නැගිටලා බැදලා දෙන බත් එකත් අරන් වැඩට ගිහින් වේ%&සකමේ යන හැම පිරිමියටම හෙන ගහන්න ඕනා 🥺

LakshikaDewindi-kzsg
Автор

පිරිමියෙක් විදියට මම එක දෙයක් කියන්නන්, කෙල්ලක් පිරිසිදුද කියලා බලන්න සුදු රෙද්දක් තිබ්බා වගේම පිරිමින්ගේ පිරිසිදු කම මනින්න ක්‍රමයක් තිබ්බානන් මෙතන පිරිමියා සුද්ද කරන බාග පිරිමි කොහේ ගියාද හොයන්න නෑ, මතක තියාගන්න අම්මෙක්ගේ බඩින් උබලත් එන්නේ, මේ කතාවේ ගැනූ දෙන්නගේ හයිය තම අපේ ලංකාවේ කාන්තවන්ගේ හයිය, පිරිමි අපි හොර වැඩ කරන්න හරි දක්ශ උනාට මේ වගේ කොන්ද කෙලින් තියාගෙන තීරන ගන්න හයිය නැහැ, ඒ අතින් මගේ නෝනයි මගේ අම්මයි රන් කදවල්, අද මම තැනක ඉන්නවානන් ඒ ගෑනීයෙක් හන්දා, හරිම ලස්සන කතාවක් සාරංග, මේ වගේ සමාජ ප්‍රශ්න එලි පිට කතා වෙන්න ඕනී දේවල්

sameerakiri
Автор

බෝඩිමක එකට හිටිය යාලුවෙක් වෙන් වෙද්දි දැනෙන දුක වචන වලින් කියන්න බෑ🥺❤️
කවදාවත් ඇස් දෙකට නොදැකපු මිනිස්සු එක්ක එකපාරටම බෝඩිමක ඉද්දි හැමෝම එක එක්කෙනාගෙ දෙවල් ශෙයා කරගෙන එකම අම්මා කෙනෙක්ගෙ දරුවො වගේ ඉන්නවා🥺ඒ බැදීම ගැන දැනගන්න බෝඩිමක ඉන්නම ඔනි💜🥺

Divyanka_tripathi_dahiya
welcome to shbcf.ru