Take Care | Episode 19 - (2024-08-03) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode19

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ටෙක් කෙයාර් හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

mamakamthi
Автор

අසේනි මෙච්චර ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන නොසැලී ජීවිතය ගෙන යන්න දරන වෑයම අගය කල යුතුමයි, රෙබෙකා ඒ බූමිකාව තාත්විකව නිරෑපනය කලා, ඇත්තෙන්ම ඇය දක්ශ නිලියක්, මේනකාගෙ, වාසලගෙ චරිතත් ඒ හා සමානව අගය කල යුතුයි .👍👍👍

jayanthisiriwardhana
Автор

Excellent acting Mr Bimal Jayakody.. shows strong personality and acted like a true Boss, so natural .. amazing acting 🔥

wathsalaedirisinghe
Автор

අපෝ වාසල වගේ පිරිමි කිසිම ගැහැණියෙක්ට හිමි නොවේවා! අසේනිට ඒ වෙලාවේ මොන තරම් දුකක් දැනෙන්න ඇතිද. ඩ්‍රාමා එකක් උනත් හිතට දැනෙනවා මාර විදියට. 😢😢😌

bvoweug
Автор

ජීවිතය තුල විවාහය තුල රැකියාව තුළ විනය අංක එක...බිමල් ජයකොඩ්ගේ පුංචි නිරූපන කාලය තුළ මුළු සමාජයටම ආදර්ශවත් පණිවිඩයක් දෙනවා...💐❤️

Thamalidilrukshi-qc
Автор

Dr අසෙනිට mrs මේනකා කියලා කතා කරපු වෙලාවෙ එයා කොච්චර අසරණ උනාද ඒ වගේ තත්ත්වයක් කිසිම කාන්තාවකට වෙන්න එපා 🎉🎉🎉🎉🎉🎉

UkwattageUkwattage
Автор

ගෑණු කියන්නේම හිත හයිය කොටසක්. අච්චර වැරදි කරපු මනුස්සයාට heartattak . මෙච්චර විද දරාගන්න ගෑනු කෙනාගේ හිතේ හයිය. අසේනිලාට සැනසීම උදාවේවා ❤

udayangalakmal
Автор

අසම්මත මගුල් වලට සංසාර ගත ප්‍රේමය කිය කිය හෑලි ලියන්නේ ඇයිද මන්දා, කසාද බැදලා එකෙක් වටේ ගියාම අනෙක් එකාට දැනෙන වේදනාව ගැන හෑලි ලියන්න එකෙක් නැහැ, බැදපු මිනිහෙක්ගේ, ගැහැනියෙක්ගේ ඇගේ එල්ලෙන ගැහැනු පිරිමි වගේම බැදලා කියලා දැන දැනත් වටේ යන උන් නම් සාප, එපා නම් කතාකරලා වෙන් වෙයල්ලකෝ වටේ යන් නැතුව, සරලවම වටේ යන වේසාවෝ ආදරය නමින් කිසිම ගැහැනියෙක්ට පිරිමියෙක්ට හමු නොවේවා😢

harshiperera
Автор

ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත කතාවට සමානව තිරපිටපත ලියන එකම කතාව❤❤

Leeza
Автор

සාරංගට මේ වගේ ගැඹුරු හැගිම්බර චරිත හොදින් ගැලපෙනවා. රංගනය නියමට දන්න අතිදක්ෂයෙක් ❤

springcity
Автор

ගොඩක් අය මේ කතාව සාම්ප්‍රදායික විදියට බලන්නෙ.අනියම ගින්නක්.අරක මේක හැබැයි මේකෙ ඇත්තටම බැළුවොත් වාසල අසෙනිටවත් අසෙනි වාසලටවත් ආදරේ නෑ.එතකොට තියෙන්නෙ තමන්ගෙ ගෞරවය පන්තිය රැකගන්න කරපු විවහයක්.හැබැයි දෙන්නට දෙන්නා කැමතී සහ ගෞරව කරා.ඒ දෙන්නගෙ අතරෙ ආදරේ කියන bond එක තිබුණා නම් අසේනිට කවදාවත් ඔහොම ඉන්න් බෑ.හිතේ දුක දරාගෙනවත් තමන්ගෙ husband ගෙ දරුවෙක් බඩේ තියාගෙන පව්ල විනාස කරපු ගෑණිට ආදරේ කරන්න බෑ.එයාට ඕන අයිති කරගෙන ලග තියාගෙන එයාගෙ අඩුපාඩුව වහගන්න.ඒක තමා ඇත්ත.සමාජෙ අපි දකින extra marital affair එක්ක මේක compere නොකර බලනවා නම් ඒක තේරෙනවා.
එ වගේම වාසල කැමති එයා මේනා ලග ඉන්න විදියට ජිවත් වෙන්න.අසෙනි එක්ක ඉන්නවට වඩා comfortable cozy feeling එකක් වාසලට මේනකා ලග තියනවා ඒක වාසලගෙ මූණෙන්ම පේනවා.අසෙනිගෙන් හිස් උන කායික තෘප්තිය මේනකා ඕනෙවටත් වඩා පිරෙව්වා.ඒකට වාසල addict වෙන තරමට.ඒ වගේම දැන් හිතෙනවා මේනකාට වාසල ආදරෙ ඇති කියලා.ඒකට හේතුව කලින් තත්වෙ ගෞරවය ගැන හිතලා හැන්ගුන වාසල.දැන් දික්කසාද වෙන තරමට දරුවා නිසා වෙනස් වෙලා.

ඒ වගේම මේනකා pregnant උනාට පස්සෙ ඒ අසරණකම නිසා හැම අවලාදයක් අපහසයක්ම.විදපු විදියට අනුකම්පාවක් දැනෙනවා.ඒ වගේම මේනකාගෙ ඇගේ අහින්සක ගෑණියක් සන්වේදී ගැහැණියක් ජීවත් වෙනවා.අනික හිතන්න මේනකා වාසල අතර තිබුනෙ මේනකාගෙ බෝඩිම් කාමරේට සීමාවුණු ශරීර ගණුදෙණුවක් විතරයි.එකම වෙනස මේනකා කැමැත්තෙන් සහා මිලක් අය කරගන්නෙ නැතුව වාසලව satisfy කරා.වාසල.බුද්ධිමත් උනා තමන්ගෙ කසාද ජීව්තේට හානියක් නොවී මේනකාව පාවිච්චි කරන්න.ඒ දෙන්නගෙ අතර තිබුණ connection එකට අනියම් සම්බන්ධයක් කියලා කියන්නත් බෑ.කොට්න්ම එතන මේනකා solid කෙනෙක් වගේ කියලා හිතන්න පුළුවන්.

සැබෑ ජිව්තේ කොහොම උනත් විවහය කියන්නෙ හැමදේම balance වෙන්න ඕන එකක්.specially.sexual life එක විවහක.දෙන්නෙක් අතර බැදීම ශක්තිමත් කරන්න ගොඩක් බලපානවා.අන්න ඒ දේ අසේනි වාසල අතර තිබුණෙ නෑ.ආදරයක් නෙවෙයි එතන තිබුණෙ යුතුකම් වගකීම් ඉටුකරන එකක්.වරදක් කරා කියලා වෛරයෙන්ම නොබලා කතාවෙ චරිත නිරූපණයෙන් බැළුවොත් අපිට මේනකා පව් කියලා නොහිතෙනවා නෙවෙයි.ගෑණියක් කවදාවත්ම ඔය තරමට අසරණ වෙන්න හොද නෑ.මෙතන ගැහැණු දෙන්නෙක්ම අසරණ කරේ වාසල.අනික මේ කතාවෙ අසේනි කියන්නෙ ටිකක් තද ගති තියන bossy type කෙනෙක්.කොට්න්ම කිස් කරන්න යනකොට දත් මැදලද ආවෙ අහනවා.මේනකාගෙ තියෙන්නෙ soft character එකක්.ඔයාල හොදට බලන්න.ඔක්කොම.වැඩ ට්ක කරගත්තට පස්සෙත් මේනකා වාසලට තුරුළු වෙලාත් ඉන්නවා.එතකොට වාසලගෙ expressions ගොඩ තැන්වල හරිම නිව්න පෙනුමක්.

මන් මෙතන අනියම සාධාරණීකරය කරන්න උත්සහ කරේ නෑ.මේ කතාවෙන් මට දැනුනෙ දේ වචන කරා විතරයි.මොකද මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි.

SamudraKadegadara
Автор

අනේ අසේනිගේ හිනාව, ඒ හිනාව ඇතුලේ සතුටක් වගේම දුකකුත් ගැබ් වෙලා තියනවා🥺❤️

Thenukiapsara
Автор

මම නම් කියන්නේ අනියම් සබදතා කියන්නේ ගින්දරක් විතරයි.ඒකෙන් කිසිම කෙනෙක්ට හොදක් වෙන්නේ නැ.තව කෙනෙක්ගේ ජීවිතේ විනාස වෙනවා වගේම පිට ඉන්න අයගෙත් ජීවිත අපායක් වෙනවා.කවදාවත් සැනසීමක් නැ.මේනකාගේ චරිතයෙන් තවත් විදහාපානවා😊

nkaa
Автор

නොගැලපෙන විවාහයක් නම් ගෞරවාන්විතව ඉවත්වී කැමති කෙනෙකු සමග නැවත සබඳතාවක් ඇති කරගන්න. විවාහයේ සිටියදීම අනියම් සබදතා පැවැත්වීමෙන් වන්නේ සියලුම සබදතා අවුල් වී යාම සහ සියල්ලන්ම දුකට පත්වීමයි..

LithumiBandara
Автор

පවු අසේනි😢 වාසලලා වගෙ වසල පිරිමි නිසා දුක් විදින ගෑනු සමාජෙ ඕන තරම්💔 කාගෙවත් ජිවිතවල අනියම් පෙමක් වෙන එක තරම් සාපයක් තවත් නෑ

chathurikamadushani
Автор

වාසල වගේ පිරිමියෙක් කිසිම ගැහැනියකට හිමි නොවේවා🙏

sachinisachini
Автор

මම වගේ එපොසෝඩ් එක දානකල් බලන් ඉන්න අය කෝ

PawithraMadubhashini
Автор

ජානු weekends වලට දාල මේක ඒ වෙනුවට දැම්මනම් හරි

nish
Автор

මොනම හේතුවක් නිසාවත්, අසම්මතය අගයන්න එපා.සම්මතය සම්මතයමයි.අසම්මතය කියන්නෙම වැරදි දේ.ඒ වැරැද්ද කරන කෙනාට ඒ දේ සතුටක් උනත්, ඒකෙන් පීඩා විදින කෙනාගෙ දුක මෙච්චරයි කියන්න බෑ.ඒ වගේම වැරැද්ද කරන කෙනාට කවදාම හරි ඒකෙ විපතේ අනිසංසත් ලැවෙනව.එදාට කොච්චර තේරැම් ගත්තත් වැඩක් නැති වේවි🙄🙄

chathurigunasekara
Автор

දිනක්ෂි දක්ෂ විදිහට රඟපානවා.👌❤ චරිතයක් කියලා හිතන්නවත් බෑ.🔥

lakmaliperera