Take Care | Episode 01 - (2024-06-01) | ITN

preview_player
Показать описание
Take Care | Episode 01

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode1

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

කෝ බලන්න 😁කෑලි කෑලි බලලම මේ කතාවට ඇබ්බැහි වෙලා මුල ඉදන් බලන්න ආපු කට්ටිය🥰

niroshaniro
Автор

බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම මේ දෙන ආදරයට 🙈

saranga-dinakshie
Автор

අඩු ආදායම් ලාභී කෙල්ලෙකුගෙ චරිතය දිනක්ෂි හරිම සාර්ථකව රඟපානව.

ruckyg
Автор

කතාව පටන් ගනිද්දි ඒප්‍රන් එක අඳින තැන ඉඳන්ම හරිම ලස්සනයි, මං ගොඩක්ම ආසයි එහෙම ලස්සනට පටන් ගන්න කතාවලට. ලා නිල් පාට තමා කතාව පුරාම තියෙන්නෙ, ඒකත් හරිම නැවුම් ලස්සනක් ගේනවා කතාවට. හරිම ලස්සන එපිසෝඩ් එකක් මේක

udumbaramandodari
Автор

දිනක්ෂිගේ රගපැම් හරිම ලස්සනයි.ඇත්තටම සමහර මිනිස්සු විශ්වාස කරන්න බෑ.ජිවිතේ බැදීම් හරි විහිලුවක්

surangisurangi
Автор

වාසලගෙ වයිෆ් පව් ගෙදර පංසල වගේ මිනිහ වෙනුවෙන් පේ වෙලා ඉන්නව ඒ උනාට ඒක වටේ යනව හොද ගෑනු ඉන්න මිනිස්සු ඔහොම්මමයි

sandeepasanju
Автор

itn එකෙ තාම දැන් ලස්සනම කතා ට්ක යන්නෙ .මේකත් සුපිරියක් වෙයි..👍❤️

ksaman
Автор

පලවෙනි කොටස මරු . මෙතන තාම පෙන්නුවෙ නැති අපි නොදන්න මොකක් හරි තියනවා. වාසල නෝනට ආදරෙයි ඒත් රවට්ටනවා. ගාමන්ට් කෙල්ල ලගට ගියාට ඒ කෙල්ලට ආදරයක් නෑ. දුම් ගහලා ගෙට ගත්ත එක තමා ආතල් 😂 හැමෝගෙම acting නියමයි 🎉 වැඩිය අදින්නෙ නැතුව කුතුහලය දිගටම රැකගෙන බලන්න ආස හිතන විදිහට දිගටම දෙයි කියලා හිතනවා ❤❤

motivation
Автор

Fb එකේ කෑලී කෑලි බලලා මාත් අද පලවෙනි කොටස බැළුවා. සාරංග මොන විදිහෙ චරිතයක් රගපෑවත් ඒක සුපිරියටම රගපානවා ඒකටම හරියන දිනක්ෂි ❤❤❤

Kws
Автор

මුලු සමාජයම උඩු යටිකුරු කරමින් සම්මත ඒකාකාරි ටෙලිනාට්‍ය කලාවට කනේ පහරක් එල්ල කරන්නට තරම් ප්‍රභල හැකියාවක් ඇති නාට්‍යක් විදිහට මේක කියන්න පුලුවන් ...ඒ රංගන ශිල්ප ශිල්පීන්ගේ හැකියාවත් අගය නොකර සිටිය නොහැක...සුපිරිම වැඩ්ඩෙක්ගෙ සුපිරිම වේවා ❤

avishkalakshan
Автор

❤️📽️🎬මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාවෙන ටෙලිනාට්‍යයක් තමයි "Take care" කියන්නෙ...ඉතින් විවිධාකාර අදහස් එක්ක මට හිතුනා මේ වෙනකොට තියෙන episodes 4ම බලලා ඇත්තටම මගේ අදහස බෙදාගන්න☺️

මේ කතාව සංකීර්ණ සමාජ කියවීමක් කිව්වොත් මං හිතනවා මං නිවැරදියි කියලා...ලොකු කතාවක්, ප්‍රේක්ෂකයාට හිතන්න ඉඩ තියලා විනාඩි කිහිපයකින් සමාජගත කරන්න ඔවුන් සියලු දෙනාම ලොකු වෑයමක් දරනවා. ඇත්තටම ඒක අගය කරන්න ඕනි සුපිරි වැඩක්👌❤️📽️ ඒ වගේම නළු නිළියන් තෝරාගැනීමත් විශිෂ්ටයි...ගැලපෙනම අය ඒ ඒ චරිත හරි අපූරුවට රගපානවා😍 විශේෂයෙන් මේනකාගේ චරිතය නිරූපණය කරන දිනක්ෂිගේ රංගනය අති විශිෂ්ට රංගනයක්👌❤️ වර්තමානයේ ගොඩාක් ටෙලිනාට්‍යවල අපි දකින්නෙ අභියෝගාත්මක චරිත නෙවෙයි..ඉතින් ඒ හැම චරිතයක් අතරින්ම මේනකාගේ චරිතය ඉස්මතු වෙන්නෙ ඒ චරිතය ඇතුලෙ දිනක්ෂි ලොකු අධ්‍යනයක් එක්ක චරිතයට සාධාරණයක් කරන නිසා❤️

පළවෙනි episode එකේම ප්‍රේක්ෂකයා හිතන්න පුළුවන් අසේනි කියන්නෙ සුදු චරිතයක් සහ එයාට හස්බන්ඩ්ගෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක් කියලා.. හැබැයි අසේනි කියන්නෙ ලංකාවේ බහුතරයක් අසරණ වුණු ගැහැණු චරිතවල නිරූපණයක් විදියට තමයි මං දකින්නෙ. මොකද ලංකාවෙ සංස්කෘතිය කියලා මවාගත්ත රාමුවකට කොටුවෙලා විවාහ ජීවිතය ඇතුලෙ මානසික පීඩනයකින් ජීවත්වෙන චරිත ඕනි තරම් ඉන්නවා....රටක සංස්කෘතිය කියන්නෙ වෙනම කරුණක්.හැබැයි ගොඩක් වෙලාවට ලංකාවෙ මිනිස්සු මේක හරියට තේරුම් නොගැනීම නිසා ඔවුන්ම අපහසුවෙන් ජීවත්වෙන අවස්ථා අපරිමිතයි...🥹❤️
ඒ වගේම මේනකා ගේ චරිතයට ලොකු පහරක් එල්ලවෙනවා කලු චරිතයක් විදියට දකිමින්. ඇයටත් නොකියූ කතාවක් ඇති. ඉදිරියේ දී අපි දැනගනීවි. හැම පිරිමියෙක් ඉස්සරහම නිරුවත් වෙන්න කිසිම ගැහැණියක් කැමති නෑ..හැබැයි සමාජය නොදන්න ඇය පමණක්ම සමහරවිට දන්න කතාවක් ඇයටත් අනිවාර්‍යෙන්ම තියෙනවා...ඒ නිසා ඒ අය ගැන කවදාවත් වැරදියට හිතන්න එපා..මං ඒ ගැන මුලින්ම ඉගෙන ගත්තෙ ප්‍රවීණ ලේඛක සමීර ඒකනායකගේ "දඩයම් බල්ලෝ" කෘතියත් එක්ක. මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් හිතලා වැරදි කරන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් උපරිම සමාජයක් විදියට නැගිටින්න උත්සාහ කරමු👌❤️
වාසල කියන්නෙත් භෞතික දේවල් වලට වඩා ආදරය පසුපස හඹායන පිරිමියෙක්...වාසල විතරක් නෙවෙයි ලෝකයේ බහුතර පිරිමි නිවෙන එකම ක්‍රමය ගැහැණියගේ ආදරය. හැබැයි ආදරය කියන්නෙ ගෙදර වැඩ ඔක්කොම පිළිවෙලට කරලා, පාඩුවේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි කියන්න මේ කතාව හොද උදාහරණයක්.❤️ ආදරය කරන කාලෙට වඩා විවාහයෙන් පස්සෙ පවුල් අසාර්ථක වෙන්න මූලිකම හේතුවත් වෙන්නෙ ආදරය හා වගකීම් හ‍රියට හදුනා නොගැනීම. දෙදෙනෙකුගේ අවබෝධය හා විශ්වාසය මත විවාහයක් සාර්ථකව පවතීවි.

මේ කතාව ඇතුලෙ ඉස්මතු කරන සමාජ පණිවිඩයන් බොහෝමයි..ඒවා නිවැරදිව සමාජගත වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ව්‍යංගාර්ථයෙන් ඔවුන් ඉදිරිපත් කරන සමහර ඉදිරිපත් කිරීම පුදුම සහගතයි...මෙය තරුණයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද වටිනා නිර්මාණයක්❤️🎬
ඔබටත් හැකිනම් නරඹන්න...මෙය වර්තමානයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක්. සාර්ථක ජීවිතයක් ගතකරන්න මේ කතාව තුලින් එකතු කරගන්න පුළුවන් දේවල් බොහෝමයි...

සැබෑ යථාර්තය සමාජගත වනවාට මෙන්ම හදවතට එකගව මෙය නැරඹිය නොහැකි පිරිසක් මෙන්ම සංස්කෘතියක් යැයි මවාගත් රාමුවකට කොටු වූ අයට මේ කතාව විවේචනයක් වේවි...ඒ ඔවුන්ගේ මතය...මේ තමයි මගේ පෞද්ගලික අදහස👌❤️📽️

මගේ විශ්වාසයට අනුව බොහෝ අයගේ අසාර්ථකවීම් වලට මේ හරහා පිළිතුරක් ලැබේවි...☺️ ඉතින් Take care වෙනුවෙන් වෙහෙසවන හැමෝටම ඉදිරි කටයුතු තවත් සාර්ථකව කරගෙන යාමට මගේ හදපිරි සුබ පැතුම්😍😍😍🎬📽️🎉️🎉️🎊️🎊️
ඊළග කොටස එනතුරු කුතුහලයෙන් බලා ඉන්නවා🙈🤪 Take care🤗❤️

#hkstharuka
#takecare
#teledrama
#Itn
#dinakshipriyasad
#sarangadisasekara
#trending

HKSTHARUKA
Автор

මං හිතන්නේ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන Drama එකක් වෙයි කියලා අද කාලෙට ගැලපෙන විදියේ තේමාවක්. ගොඩක් වෙලාවට ගැහැණු හිතන්නේ පවුලේ ජීවිතේ ඇතුලේ සම්ප්‍රදායික යුතුකම් ටික ඉටු කරලා හොඳ බිරිඳක් වෙන්න පුලුවන් වෙයි කියන දේ.අසෙනි වගේ. විවාහක දෙන්නෙක් අතර ආදරේ තිබ්බත් හිඩැස් තියෙද්දි තව කෙනෙක්ට එතනට රිංගන්න පුලුවන් කියන දේ මේකෙන් හොදට පැහැදිලි වෙනවා. බලමු ඉදිරියට❤

gimhaniwickrama
Автор

පිරිමි විස්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.උදේට ගෙදර ගෑනිගෙ ඔලුව ඉබලා ගෙදරින් යන මිනිහා ආයෙ ගෙදර එන්නේ වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන ඉදලා.ගොඩක් මිනිස්සු මේම තමයි.

Takashidayo---
Автор

සාරංග ඔයාගේ acting සුපිරියි. හොඳ නළුවෝ නැති වෙලා මිය ගිහිල්ලා ඉන්න කාලෙක දිනෙන් දින ඔයාගේ රඟපෑම් හිතාගන්න බැහැ. ඔයා වාසනා වන්ත නළුවෙක්. එකිනෙකට වෙනස් වන විවිධ හැඩතල ඇති චරිත තුල ඔයාගේ රඟපෑම් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. සුභපැතුම්.

nalinmaduwala
Автор

මන් garment යන කාලෙත් ඔහොම couple එකක් හිටියා..ලස්සන sir කෙනෙක්, ලස්සන wife කෙනෙකුත් ඉද්දී නැට්ටුක්කාර කෙල්ලෙක් එක්ක set උනා.පව් ඉතින් wife 😢

tharinisulochana
Автор

දුම් අල්ලලා ගෙට ගත්තෙ.😊
අර්ථවත් තේමාවක්.thanks අයියා අක්කා.

HarshaniPerera-qmmb
Автор

සාරංග අයියා ඉන්න ඕනම ඩ්‍රාමා එකක් බලනවා මම ආසම රංගන ශිල්පියා ❤ Cast එකේ හැමෝම සුපිරි. දිනක්ෂි අක්කගෙ මීට කලින් නොදැක්ක විදිහේ රගපෑමක්. Music ලස්සනයි theme song එකක් දාන්න එතකොට තවත් ලස්සනයි. Take Care team එකට සුබ පැතුම් ❤️❤️❤️

dilharakarunathilake
Автор

මේකනම් අද සමාජෙට ගැලපෙනම කතාවක් වෙනස්ම ව්දියෙ වැඩක් වගේ ❤️🔥
සාරංග අයිය, දිනක්ශි අක්ක, රෙබෙකා අක්ක ඔයාල 3ගෙම acting fantastic 👌❤️🔥

nirmalpramodya
Автор

ගාමන්ට් ෆීල්ඩ් එකේ බහුතරයක් ලොකු මහත්වරු ඔහොම තමා. අතලොස්සක් හොදට ඉන්නවා. මේක ප්‍රායෝගික නාට්‍යක් බවනම් පැහැදිලි 🌸

niromikosala
Автор

දිනක්ශී දුව ඔයා මේ චරිතය විශිෂ්ඨ ලෙස රගපානවා .ඉදිරියට ත් වෙනස්ම චරිත තෝරාගෙන රගපන්න.සුබ පැතුම් .

nimmiyatawatte