Take Care | Episode 30 - (2024-09-08) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

අසේනි, ඉතාමත් ප්‍රතිභාපූර්ණ සම්මානනීය අභිශේක ගැන්වීමට ඉතාමත් යෝග්‍ය රංගන ශිල්පිනියක්....ඇයගේ භාව ප්‍රකාශනයන් ඉතාමත් අනාගත රංගන කටයුතු සියල්ලක්ම සාර්තක වේවා .

flowerart
Автор

කතාවක් නම් මේ වගේ වෙන්න ඕන එක තැන පල් වෙන්නේ නෑ සතියෙන් සතිය වෙනස් වෙනවා හිතා ගන්න බැරි කුතුහලය 100% තියෙන කතාවක්, මෑතකාලයේ බිහිවුන අතිවිශිෂ්ට නිර්මාණයක්

Saaraa
Автор

අසේනිට දැනෙන වේදනාව මේ ලෝකෙ කිසිම ගැහැණියකට නොලැබේවා ! 🙏

Thashmila-sb
Автор

එකම කොටස අවරුදු ගානක් ඇදගෙන යන අපේ රටේ, දවසින් දවස කතාව බලන්න තියෙන ආසාව වැඩි උන ලංකාවෙන් බිහි වුනු විශිෂ්ටම කතාව Take care !!!

Hashi
Автор

අසෙනිට දැනෙන මේ වේදනාව මේ ලෝකේ කිසිම ගැහැනියෙක්ට දැනෙන්න එපා. සතෙක්ටවත් දැනෙන්න එපා..!!!

gayanisewwandi
Автор

මේ කතාවෙ මන් ආසම දේ මේක. කවුරුත් සීයට සීයක් හරිත් නෑ. කවුරුත් සීයට සීයක් වැරදිත් නෑ. සුදුම සුදු මිනිස්සුවත් කලුම කළු මිනිස්සුවත් මේ ලෝකෙ නෑ. අපි හැමෝම අළු පාට මිනිස්සු.

MITTELSCHICHT
Автор

මේ අසෙනි වගේ දුක් විඳින හැම ගැහණියෙකුටම ඒ දුකින් එතෙර වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

prasangishyamika
Автор

අසේනිට දැනුන වේදනාව මේ ලෝකේ කිසිම ගැහැනියකට නොදැනේවා 😢

NiroshaDilrukshi-oter
Автор

Comment දකිද්දි තේරෙනවා කතාවෙ තියෙන සාර්තක බව... කාටත් මේක කතාවක් කියන එකත් අමතක වෙලා... ඇත්තටම හරිම ලස්සන වැඩක්. ජය වෙවා 👍💐

PushpikaChathurani
Автор

තිර දාල, ගම් පිටින් ගෙන්නලා, හන්දියක් හන්දියක් ගානේ පෙන්නන්ඩෝන නිර්මාණ..❤️

blacky
Автор

මොකක්ද අසේනිගෙ වැරැද්ද?
1) සමාව දීලා ළමයා බාරගත්තු එකද?
-ඒ මුලු කාලයටම කන්න බොන්න ඉන්න අඳින්න දීලා දරුවා දෙනවට ලක්ෂ 20 ක් දෙන්නම් කිව්වා. ඉතින් ඒක අමානුෂික නම් ඇයි මේනකා එකඟ වුනේ?

2)සංජනව එක්ක ආපු එකද?
-අසේනි හොයන් ගිහින් හරි නැත්නම් මේන්කාගෙන් පලිගන්න දැන දැන ජරා මිනිහෙක්ව මේනකාගේ ඇඟේ ගැහුවේ නෑ. සංජන හොයන් ආපු නිසා, එයා හොඳයි කියල මේනකා කිව්ව නිසා ඒකත් පිලිවෙලක් කරල තමන්ගේ පවුල රැකගන්නයි එහෙම කලේ.

3)මේනකාව බෝඩිමට ඇරලපු නිසාද?
- නැතුව වාසලය එක්ක මේනකාව තියලා යන්නද? ඒත් තියන හොඳ කමටයි ටිකක් හරි ආරක්ෂාව තියන එකම තැන තියලා ගියේ..

එතකොට මේනකා!
-වාසල එක්ක යාලු වුනේ බැඳලා කියලා දැන දැන
-ළමයෙක් හැදෙනකන් දන්නේ නෑ බබා
-අසේනිගෙන්ම කාලා බීලා ඉඳලා සංජන එක්ක ගියේ ඌ ගැන දැන දැනමයි. කැමැත්තෙන්.
-ඌට ඇත්ත කිව්වෙත් අසේනි නෙවේ මේනකා.
-අන්තිමේ පඬිපුර ගිනි තියන්න පත්තිනි වෙන්න බැරි නිසා අසේනිගෙන් පලි ගත්තා. තමන්ට සමාව දීපු අසේනිට පහත්ම පහත් වැඩක් කලේ මේනකා.

ප.ලි: වාසල ගැන නොකියන්නේ කියන්නවත් දෙයක් නෑ ඌ තමා ඔක්කොටම වඩා වැරදි. මේක නාට්‍යක්. ඒත් මේ වගේ සිදුවීම් ඕනෑතරම් සමාජේ වෙනවා ඇති.

හො.ම.ත.ග.යු ජරා ගෑනු මිනිස්සු ජරාම තමයි. උන්ට සමාව දුන්නට කමක් නෑ. ඒත් අතාරින්න ඕනේ. නැත්නම් උන්ගේ වැරදිත් නිවැරදි මනුස්සයාගේ පිට තියලයි උන් නවතින්නේ.

😊🙂

KaveendyaHathnagala
Автор

පියා සහ සැමියා එකවර අහිමි වීම. ඒ මොහොතෙ අසේනිට දැනෙන හැගීම හිතාගන්නවත් අමාරුයි. 😢

savimadhubhashini
Автор

අම්මෝ කථාව එකවරම වෙනස් වුනා..අසෙනිට තියා ප්‍රේක්ෂක අපිත් හොල්මන් වුනා...ලස්සන කතාවක්...ගොඩක් අයගේ චරිත මේක ඇතුලේ තියෙනවා❤❤

rupikasepali
Автор

මගේ comment එක බලන අයට මම කියන්නේ.මේනකාගේ යාළුවා වගේ අය සමාජේ හුගක් ඉන්නවා.කවදාවත් ලගම ඉන්න කෙනාව විස්වාස කරන්න එපා.විස්වාස කරලා කිසිම දෙයක් කරන්න එපා.ඒ වගේම අනියම් පෙමක් කවදාවත් හොයන්න එපා.අපායක් වෙනවා ජීවිතේ

nkaa
Автор

මේනකා කරන්න හදන්නෙ මේ පවුල කඩලා හැමෝගෙන්ම පළි ගන්න අනිවාර්යයෙන් මේ ජිවිත සේරම අවුල් කරලා take care කියලා යන්න යයි

disnasenanayaka
Автор

මේක මහ දුක හිතෙන පව්කාර කතාවක්. මම මේ කතාව ඇතුලෙ ඇත්තටම ජීවත් වෙන කෙනෙක්. මේ කතාවෙ නැති මගෙ කතාවෙ ඉන්න එකම චරිතෙ බැදපු කපල් එකෙ ලමයා. මම තමයි ඒ එකම ලමයා. මගෙ අම්ම මේ කතාවෙ අසෙනි වගේම ගොඩක් වැදගත් විදියට ජීවත් වෙන අහිංසක ගැහැනියක්. මගෙ තාත්තා වාසලට කොච්චර සමානද කියනවනම් පෙනුම පවා. මෙ කතාව දකින හැම වාරෙම මට දැනෙන්නෙ මේක අපෙ කතාව කියලා. එ වගේම මම කවදාවත් ඇසට නොදැකපු හැබැයි ඉන්නව කියල හොදටම දන්න මේනකා කෙනෙකුත් ඉන්නවා. ඒ ගැනිත් මගෙ තාත්තට වෙන පවුලක් ඉන්න බවත් දන්නව. ඒත් මෙ මේනකා වගේම එල්ලුනා. මුලින් අකමැති උනත් පස්සෙ තාත්තත් කැමති වෙන්න ඇති. මට මේ කතාව දකිද්දි දරාගන්න බැරි මහ පීඩනයක් දැනෙන්නෙ. මොකද මගෙ අම්ම කොච්චර රැවටෙනවද කියල මට පේන නිසා. මෙ කතාවෙයි අපෙ කතාවෙයි එකම වෙනසයි. මෙ කතාවෙ අසේනි දන්නව වාසලගෙ කෙරුවාව. මගෙ වයස 21 තාත්තගෙ සම්බන්දෙට 13 යි ඒත් මගෙ අම්ම අවුරුදු 13 ක් ගිහිල්ලත් තාම දන්නෙ නැ. සමහර විට මං නිසා දන්නැ වගෙ හැම දුකම ඉවසගෙන ඉන්නවත් ඇති. මෙ කතාව අම්මත් තාත්තත් දෙන්නම රෑට යුටියුබ් එකෙන් බලනව තාත්ත දන්නව මෙ චරිත එයාල බව ඒත් අම්ම දන්නෙ නැ. මං නම් මේ මේනකා වගෙ ගෑනුන්ට සාප කරනවා මේ විදිහට කුරුලු කූඩු වගෙ පවුල් විනාස කරනවට. මං වගෙ අවුරුදු ගානක් තාත්ත අම්මව රවට්ටනව දැක දැක එ ගින්දර තනියෙන් හිතෙන් උහුලන හැම දරුවෙක්ම වෙනුවෙන් සාප කරනව මෙහෙම ගැනුන්ට!කවදාවත් උබලට සතුට සැනසීම ලැබෙන්න හොදනැ! පිරිමි අල්ලගන්න දාන්න ඔනි හැම ගැටයම දාල පිරිමි අහු වුනාම ඒක සංසාර ප්‍රේමය කියල පෙන්නන උබල වගේ ගැනුන්ට සතුටක් ලැබෙන්න හොද නැ- සමාජෙ ඉන්න සුවහසක් මේනකාල වෙනුවෙන් මේ සාපය

Sithuminavodya-wv
Автор

කවදාවත් දරුවෙක් නැතුව කිසිම ගෑණියෙක් අසරණ වෙන්න හොද නෑ ..පව් අසේනි.😢

ඉසදිඅනුත්මා
Автор

තමන්ගෙ ජීවිත අත්දැකීම් මේකෙ චරිත වලට ආදේශ කරගෙන එකඑක්කෙනාට බනින අය තමයි වැඩි.නාට්‍යයක්, චිත්‍රපටියක්, පොතක් බැලුවම ඒ එක එක චරිතෙන් සමාජගත කරන්න හදන පණිවිඩය උකහාගැනීමයි වැදගත්.සෑම චරිතයකම තියන වැරදි අඩුපාඩු සහ හොඳ, එයාලගෙ ජීවිත වල විවිධ හැසිරීම් සහ ඒවට හේතුවුනු කරුණු, අනුමත කල හැකි හැසිරීම් සහ අනුමත නොකල හැකි හැසිරීම් යන දේවල් අධ්‍යනය කරලා ගත යුතු දේ අපේ ජීවිත වලට එකතු කරගන්නවා විනා අසේනිලා මේනකාල නදීල සහ වාසලල තම තමන්ට ආදේශ කරගෙන මේකෙ පිල් බෙදාගෙන ඇනකොටාගන්න අවශ්‍ය නෑ. ලංකාවෙ අයට නම් නාට්‍යයක් හරි කමක් නෑ තමන්ගෙ stress එක මුදාහරින්න.😄.

ඊයෙ කොටස බලද්දි ඔයාලට අසේනි එක්ක තරහයි නේද ?අද කොටස බලද්දි මේනකා එක්ක තරහයි.හා නැද්ද ?ඒකෙන් කියවෙන්නෙ මේ හැම චරිතයකම අඩුපාඩු බොහොමයි.එදිනෙදා අපි අහන දකින මිනිසුන්ගෙ වගේම.කාලෙකින් දැකපු විශිෂ්ට නිර්මාණයක් .මීට දායක වුණු හැමෝටම සුබ පැතුම්. විශිෂ්ටතම රංගනය දිනක්ෂිගේ.
අනිත් අයත් දෙවෙනි නෑ.❤️👍👍

pramitharubasingha
Автор

අනියම් සම්බන්ධයක් තියේන කෙනෙකුට බලන්න වටින කතාවක්.සතුටක් නැති කදුළුින් පිරැන ප්‍රස්න වලින් පිරැන ජිවිත.බැලුවොත් දවසක් තබයි තිත අනියමට නිමාවක්....

chamarasilva
Автор

මේ කතාවේ කිසිම කෙනෙක් අහිංසක නෑ . ඒ ඒ අය එයාලගේ මට්ටමින් තමාගේ සතුට හොයමින් යනවා. කවුරුන්වත් හරි හෝ වැරදි නෑ . කලු හෝ සුදු හෝ නෑ . විවිධ චරිත, විවිධ අවස්ථාවලට මුහුණ දෙන ආකාරය විචිත්‍ර ලෙස නිරූපණය කරල තියෙනවා .
One of the best sinhala dramas ❤

menikmarasinghe