Take Care | Episode 06 - (2024-06-16) | ITN

preview_player
Показать описание
Take Care | Episode 06

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode6

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

බැනුම් අහන්න වෙන නපුරු චරිත රගපාන්න බය නැති නලුනිලියන්ට මම හරි කැමතියි.. වැරදිකාර සිත් තියන අයනම් මිනිස්සුන්ගෙ සැකයට බයේ හැමදාම අහිංසක චරිත කරමින් ඕනවට වඩා තමන් හොදයි කියලා පෙන්නන්න හදනවනේ. ඔයාලානම් සුපිරි ❤

psjayasooriya
Автор

මේවා බලලා රඟ පෑම විශිෂ්ඨයි කිව්වට මදී මෙයින් හැමෝම තමන්ගේ ජීවිතයට ගන්න ඕන හරවත් උපදෙස් ට්කක් තියෙනවා.තේරුම් ගන්න ඕන ඒ ට්කයි. 1.සිත පාලනය කිරීම (මොකද කොතනකත් ඉන්නවා ආතල් ගන්න බලාගෙන ආශ්‍රය කරන්න try කරන ගැහැණු පිරිමි දෙපාර්ශවයම ඕකුන්ට අහු නොවී ඉන්න දැනගන්න ඕන. 2.කොච්චර අඩුපාඩු ප්‍රශ්න තිබුනත් පිටට නොදී ගෙදර කතා බහ කරලා ගෙදර ඉදන් විසදගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. 3.ගැහැණු කෙනෙක්ට වෙන්න පුළුවන් අසාධාරණය ඉතාමත් වැඩි එහෙම කෙනෙක් අසරණ නොකරන්න පිරිමි වගබලා ගන්න ඕන. හස්බන් වයිෆ් මේ දෙන්නට දෙන්නා අවංකව වෙන්න ඕන.හොර බොරු වංචාව හිතේ කොනකවත් තියාගන්න එපා! මොකද ජීවිතේ සතුට්න් ඉන්න නම් අනිවාර්යයෙන්ම ඕන මානසික නිදහස ඒ නිසා බොරුවෙන් ජීවත් නොවන්න. තාවකාලික ආතල් එකකින් සදාකාලික දුක් විදින්න වෙයි. ගැහැනු පිරිමි දෙපාර්ශවයම මොලෙන් විමසා කිසිම කෙනෙක්ට දුකක් ප්‍රශ්නයක් නොවී ජීවත් වෙන්න.❤

Lak-xglj
Автор

අසේනිගේ දරාගැනීම මාරයි.. ගෑනියෙක්ට ගොඩක් දුක හිතුනම උන් අඩලා කෑ ගහන්නේ නෑ කියන එක ඇත්ත ❤

Nehanigamhewage
Автор

පිරිමියෙකුට රිදවිය හැකි ලොකුම ආයුධය තමයි නිහඬවීම..

Shanuwithanage
Автор

ජීවිතේ කිසිම දවසක කසාද ගෑනියෙක්⁣ට මේ වගේ දෙයක් වෙන්න එපා 🙏

hansanidinelka
Автор

"මං මිනිහෙක් එක්ක නිදාගෙන ඉදල ඇවිල්ලා ඔයාගෙන් සමාව ඉල්ලුවොත් ඔයා මට සමාව දෙනවද?" හැම මිනිහෙක්ම හොදට හිතන්න ඕන කතාවක්..තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න තියා හිතන්නවත් එපා..

KACS.KODIKARA
Автор

සාරංගගෙ රංගනය හරිම තාත්විකයි ❤ ආසම නළුවෙක් ඕනම චරිතයකට ඔට්ටුයි 🎉🎉❤

minethmajayanayake
Автор

පිරිමියාට රිද්දන්න පුලුවන් හොඳම විදිහ මේ අසෙනි ඉවසන විදිහ. එතකොට උන්ට රිදෙනවා වැඩී.

hirunyaaa
Автор

අවුරුදු 20ට වැඩි හැම කෙනෙක්ම නැරඹිය යුතුම කතාවක්.සමාජෙට දෙන පනිවිඩයය තේරුම් ගන්න.නාට්‍ය කණ්ඩායමටම සුබ පැතුම්.

roshanikarunanayake
Автор

අසේනි වැරදි මිනිහට ඕන දේවල් දෙන්නෙ නැහැ කිය කිය බැනපු මිනිස්සුන්ට දැන් තේරෙනවද දරැවෙක් නැතිව විදවන ගැහැනියක්ට මොනතරම් ඉවසන්න පුලුවන්ද කියලා.මේ කතාවේ සැබෑ ජීවිතේ මගේ චරිතේ රගපාන්නෙ අසේනි.නිවරදි පවුල් පරිසරයක හැදුනු අසේනි ඒ අවස්තාවේ හිතට එන අවේග පාලනය කරගත්තට නින්දක් නැතිව කල්පනා කරනවා.වැරදි කරපු එකා සුව නින්දේ .මේවා අතිසය නිවරදි ජීවත් වෙන චරිත.මේ අත්දැකීමට මම මුහුන දෙද්දී මටත් දරැවො හිටියෙ නැහැ.ඒත් අනියම් සම්බන්දෙ අහුවෙනකොට අසේනි තරම් මට දරාගන්න බැරි උනා.ඒත් දැන් දරැවො ඉන්නවා.ආයම ඒ වගේ දෙයක් අහු උනොත් දෙන්නව් කසාද බන්දලා දෙන්න තරම් හිත හයියයි.මම හිතුවේ අසේනිට උන දේ මට විතරයි උනේ කයලා.අසේනිලා හැමතැනම...❤️

Deepipriya
Автор

දිනක්ෂි ගෙ දක්ෂතා සුපිරියටම දැක්කේ මේ drama එකෙන්..

sriyasrimali
Автор

අර ජානු කියන ලබ්බේ කතාව නවත්තලා මේක සතියේ දවස් වලත් දාන්න

lywlxvt
Автор

ගෑනි ඉද්දි, හොර ගෑනු එක්ක යන පිරිමින්ට හොද පාඩම්.මෙතනත් ඇති ඒ වගේ පිරිමි ගෑනු දෙපාර්ශවමය.

sunithafernando
Автор

එක තැන පල් වෙන්නෙ නැතුව ලස්සනට කතාව ගලාගෙන යනවා.මෙගා ටෙලිඩ්‍රාම එකක් වුනානම් මේක අසේනිට අහුවෙන්න තව කල්පයක් විතර යනවා❤❤ .

dsgamage
Автор

මේකෙ ඇත්තටම මිනිස්සුන්ට ගන්න දෙයක් තියනවා හරියට මොලේ තියන කෙනෙක්ට

OohVicky.official
Автор

ඉවසීම් සහගත ගැහැනියක් අසේනී.මාර ඉවසීමක්.respectful wife.❤
සාරංග|දිනක්ශි සුපිරි රංගනයක්..💐

uhszipg
Автор

මෙච්චර ඉක්මනට අසේනිට අහු වෙවි කියලා හිතුනෙම නෑ

dehemijayakodi
Автор

මම දැන් දිනක්ෂිව, හරිම චරිතාංග, දක්ෂ නිළියක් විදිහට දකිනවා.
ඇයගේ රංගන ධාරිතාවය, මේනකා චරිතයෙන් හරි අපූරුවට විදහා දැක්වෙනවා. ඇගේ සියලු රංගන අත්දැකීම්, දැනුම, හැකියාව. කැපවීම මගින් මේනකා නිර්මාණය වී තිබේ.
ඇය අනිවාර්යෙන්ම සුමති, රයිගම් හොඳම නිළිය සම්මානයට නිර්දේශ හෝ වෙනවා. එතරම්ම ඇයගේ දක්ෂතාවය පැසසිය යුතුය.

අසේනි චරිතයට පණ පොවන රෙබෙකාගේ රංගන හැකියාව අනාගත ශ්‍රී ලාංකේය දක්ශ රංගන වේදියක් බිහිවන බව පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම කතාවේ මොහොතින් මොහොත අසේනිගේ චරිත ලක්ෂණ ප්‍රේක්ෂකයාට නොදැනන සේ ඉතා සියුම්ව වෙනස් වේ. රෙබෙකා, අසේනිගේ චරිතයට තවත් ආදේශක රංගන ශිල්පිනියක්ට ඉඩ නොතබාම කාර්යය නිසි ලෙස ඉටුකර ඇත.

Sithmi
Автор

ආසාවෙන් බලන එකම කතාව, දිනක්ෂිගෙ රඟපෑම් මරු❤

Jagathkandy
Автор

මනුස්සයෙක් උනාම තමන් කරන කියන කොයි දේකත් වගකීම ගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඔහොම කතා ඕන තරම් සැබෑ ජීවිතයේ අහලා දැකලා තියනවා. ගෑණු දෙන්නා දෙපැත්තේ විඳවනවා. පිරිමියා බබා වෙන්න හදනවා. ( ගැහැණු නිවැරැදියි කියන එක නෙමේ මම අදහස් කලේ) වාසලගේ චරිතය හරහා උලුප්පන පිරිමියාගේ ගතිගුණ ගැන.

craftyowl