Take Care | Episode 29 - (2024-09-07) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode28

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මගෙ පලවෙනි දරුවා ලැබෙන්න ඉද්දිත් මං තිරිසනෙක්ගෙන් ගුටිකෑවා... උයපුවා මගෙ ඇගට නෑව්වා... මහ පාන්දර වෙනකම් මාස අටක බඩකුත් උස්සන් කැලේ නිදාගත්තා... ඒ මං කිසි කෙනෙක් එක්ක වැරදි විදිහට ඉදලා හදාගත්තු දරුවෙකුත් නෙවෙයි ඒ මිනිහගෙම ලේ වෙලත්.... අන්තිමට දරුවා ලැබිලා අවුරුද්දෙන් මම ඒ අපායෙන් ගැලවිලා ගෙදර ආවා.. ගෙදර අයගෙත් මූන ඇඹුල් වෙලා මාව භාරගන්න වෙයි කියලා. එයාලාම කතා කරපු මගුලක් වෙලත්... ගාමන්ට් ගානෙ රෙදි කඩ ගානෙ වැඩකරලා දුක් විඳලා දරුවට අවුරුදු 8ක් වෙනකම් හිටියා අන්තිමට මටම තේරුනා දුව ලොකුල⁣මයෙක් වෙන්නත් ලගයි දැන් මට තනියම නැගිටගන්න අමාරු බවක්... ඉතිං ආයෙම කසාද බැන්දා... පුදුම තරමෙ හොද මනුස්සයෙක්... දෙවියෙක්.. දෙපතුල් අල්ලලා වැඳලා ඇති මං අනන්තවත්... මට හොදට වියදම් කරලා එක එක කෝස් කෙරෙව්වා... හොද ලොකු ගෙයක්, මාසිකව හිතපිරෙන්න ⁣දේවල් මගෙ දුවට පන වගේ ආදරේ දෙන රත්තරං මනුස්සයෙක්... දැන් මට පුතෙකුත් ඉන්නවා. මගෙ පැටව් දෙන්නගෙ කෝලම් බල බල පිටරටක ඉන්න මගෙ මහත්තයාගෙ පිහිටෙන් පුදුමාකාර සුන්දර දවස් ගතකරනවා... අවුරුදු 30ට මට පුදුම අත්දැකීම් ගොඩක්.... කටුකයි ලමාකාලෙ ළමානිවාස වල දුක් විදපුවා... කතාව කියන්න ගියොත් දවසක් මදි ඒ තරමට කටුක මතකයන්... ජීවිතේ ගැහැනු වැරදි කරත් නැතත් තිරිසන්නුන්ට අහු උනාම අපාය හොදයි ඊට 😢😢❤❤

ThiliniKm
Автор

මේ කතාව බලද්දි
මගෙ ජිවිතේ නීච, ප්‍රචන්ඩ විදියට මන් ගුටි කාපු දවසක් සිහි උනා,
මගෙ පුතා ඉපදිලා සතියයි!
මන් එයාට කිරි දිදී හිටියා.
මගෙ මහත්තය
වැඩ ඇරිලා ගෙදර ආවා, ආපු ගමන් කිසිම හේතුවක් නැතුව, ලමය උදුරල ගත්තා, මන් ගොඩක් බය උනා, මගේ ඇඳුම තෙත් වෙන්න කිරි එරිලා,
මං පුතාව ඉල්ල ඉල්ලලා ඇඬුව, පුතාව අතේ ඇඳේ තියලා, මට තිරිසන් විදියට ගැහුවා, පයින් පවා,
මට හිතාගන්න බැරි උනා මොකක්ද වෙන්නේ කියල, පුතාගෙ කොට් එකටත් පයින් ගැහුවා, පුතා චුටි රෙද්දක් උඩ ඇඳේ හිටියේ, ඒ රෙද්ද ඇදලා විසිකරා, පුතා විසි වෙලා ඇඳ අයිනට ආවා,
මට එතකොට ඉවෙන් වගේ තේරුනා මේ හැසිරීම ඉතා අසාමාන්‍යයි,
ලමය ගැන ඉරිසියාවෙන් හෝ වෙනයම් විකුර්ති තත්වක් කියලා, මන් ගුටි කීපයක් කාගෙන සද්ද නොකර හිටියා.මොකද ඒ එක්කම දොර වහලා යතුර ගත්තා,
මන් හිතුව අපිව මරන්න යන්නෙ කියලා,
පහුවදා මුලු ඇගේම නිල් පාට තැලුම් පාරවල් .
පහුවදා කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගත්තා. මන් එදා කොයිතරම් බය උනාද, ,
ඒ හැඟීම මතක් වෙද්දි අදටත් බයයි, ටිකෙන් ටික කිරි නැති වෙලාම ගියා, , , ආදරය සෙනෙහස වැඩියෙන්ම, පතපු වෙලාවක ඒ දරුණු පහර දීම මට ලොකු කම්පනයක් ඇතිකළා, ඒ වන විට රස්සාවෙනුත් අයින් වෙලා තිබුන නිසා, මට නිහඩව ඉන්න සිද්ද උනා, ආයෙත් පුතාට අවුරුදු දෙකේදී එ වගෙම දරුනු විකුර්ති ගුටි පූජාවකට ලක් උනා, ඔලුවට සපත්තුවකින් ගහගෙන ගහගෙන ගියා,
එදා මන් ඉන්න රටේ පොලිසියට ගියා, එදා ඉදල අද වෙන තුරු ගුටි ගහන්න අවෙ නෑ, නීතියට බය නිසා, ඒත් අදටත් අසාමාන්‍ය විකෘති, බීමත්කම එහෙමමයි, පුතා අරන් මෙතනින් පිට වෙන්න පසුබිම හදාගන්න අවුරුදු 8ක් ගියත් තාම මූල්‍යමය ගැටලු,
මේ කමෙන්ට් එක කියවන කවුරු හරි ගැහැනියකට මට කියන්න තියෙන්නේ
බීල ඇවිත් හේතුවක් නෑ තුව එක දවසක් හරි තමන්ට ගැහුවොත්, , , පහුවදා සමාව ඉල්ලයි,
නමුත් ඒ පහර දීම නැවත නැවත ජීවිතය පුරා සිද්ධ වෙනවා!ඒක ඒකාන්තයි...
වෙන් වෙන්න සුදුසු පලමු අවස්තාවෙන් වෙන් වෙන්න!ඒක පසුවට කල් තියන්න එපා!එවන් පිරිමි කිසිම දවසක වෙනස් නොවේ!

selmarakela
Автор

වටේ යන්න එපා කෙල්ලනේ කොල්ලනේ. එක හිතකට ආදරේ කරලා බලපල්ලා ඒක පට්ට. අනිත් කෙනාගේ මොන වැරද්දක් තිබුනත් ඒවා කතා වෙලා විසදගනිල්ල. වටේ යන් නැති උන්ට හද පිරි මෙව්වා එක.. 😌

bvoweug
Автор

දිනක්ශිට මෙච්චර රගපෑමක් කරන්න පුලුවන් කියල මන් හිතුවෙම නෑ, , මෙච්චර කල් සීනිබෝල චරිත කරපු විදියට, අනිවාර්‍යෙන්ම සම්මනයක් ලැබෙන රගපෑමක්

omilaperera
Автор

මේ කතාව බලනකොට මට හිතෙන්නෙ මං කොච්චර වාසනාවන්ත ද කියල, දෙවියෙක් වගේ ආදරනීය මහත්තයෙක් මට ඉන්නෙ, හැම ආත්මකම මටම එයාව ලැබෙන්න මං පිං කරනවා, ❤

ishaniliyanage
Автор

ඒ බීපු මූණ දකිද්දී බයයි.මටත් ඔහොම අතීතයක් තිබුණා.රටට වෙලා දුක් විදින්නේ ඔය විදිහට ගුටි කන්න බැරි නිසා... කවදාවත් මිනිහා ගැහුවත් කොච්චර වෙන මිනිහෙක් පැතුවෙ නෑ.අද මම බ්‍රහ්මචාරී ශීලය රකිනවා.ඒ පින් බලෙන් උපදින භවයක මෙහෙම දුක් විදින්න ලැබෙන්න එපා.උතුම් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමේ හැකියාව ලැබේවා..ඒ තරම් සසර බයයි.රාග ගින්නෙන් කාම ගින්නෙන් මිනිසුන්ගෙ සිත් ගිනි අරන්.ඒ ගින්න නිවන්න පුළුවන් එකම දිය දහර භාග්‍යවතුන් වහන්සේගේ අමා දම් දහර පමණයි..මෙ ලොකෙ කිසිදු ගැහෑණියකට මෙවැනි දුක් විදින්න නොලැබේවා

Niranji-dtmu
Автор

මන් ජීවීතේ මෙච්චර කාලෙකට බලපු කතා අතරින් සැබෑ ලෝකයේ යාතාර්තය දකින්න පුළුවන් වටින කතාවක්
තවත් මේ වගේ නිර්මාණ අපි අතරට ගේන්න හැකිවේවා කියල සුභ පතනවා😊

SleepyChateau-bjyz
Автор

ටෙක් කෙයාර් හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

mamakamthi
Автор

මේ කොටස් ටිකේ තමයි දිනක්ශි කව්ද කියලා පෙන්නුවේ.ඇත්තම්‍යි දිනක්ශි පුදුම දක්ෂයෙක්.❤

Jayalath
Автор

මේනකා දුප්පත් උනත්.. දරුව වෙනුවෙන් සල්ලි ගන්න සූදානම් නෑ... ජීවිතේ වැරැද්දක් කලත්.. මිනිස්කම.. හදවතේ... උතුරනවා ...සමාජයේ ජීවත් වෙන හැමෝටම හොද පාඩමක්....

sanathmahinda
Автор

හැම ගැහැනියක්ම විවාහ වෙන්න ඉස්සර තමන්ට ආර්ථික තත්ත්වයක්, ඉන්න කාමරයක් හරි හදා ගන්න ඕන .මනුස්සය කොයිතරම් කෝටිපතියෙක් වුනත් තමන් කරන පොඩි රැකියාවවත් අතහරින්න නරකයි.

apariyawathi
Автор

මාත් මේ දුක වින්දා..හැබැයි රෙජිස්ටර් වුනා විතරයි..වෙඩින් ගත්තේ නෑ..ඌ අමු තිරිසනෙක්..මට මාර වදයක් දුන්නේ..නීතියෙන් වෙන් වෙලා මම මෑතක වෙන කෙනෙක් බැන්දා.. දැන් මම අම්මා කෙනෙක් වෙලා.මගේ දැන් මහත්තයා රත්තරංට..මම ආත්ම ගානක් පිං දෙනවා මට දුන්න මේ සැනසීමට..මානසික සතුටට.. ප්‍රාර්ථනා කරනවා දවසක මගේ පණට දිව්‍ය සැප සම්පත්ම ලැබෙන්න කියලා..

bandaranayake
Автор

මේ කතාව බලනකොට මගෙ මහත්තයා දෙවියෙක් වගේ හිතුනා ..මගෙ දුව ලැබෙන්න ඉන්නකොට මට එයා සැලකුවෙ අම්මට වගේ..දුව ලැබිලා තාමත් එහෙමයී.. මගෙන් වචන වලින් හිත රිදවීම් ර්‍ එයාට උනොත් මිසක් මගෙ මහත්තයා මට වචනෙකින් වත් හිත රිද්වලා නෑ .මන් ගොඩක් වාසනාවන්තයි.. හැම ගැහැනියකටම එවන් පිරිමින් හමු වේවා!!!!

WasalaNarmada
Автор

මේනකා පව්ව්...මොනවා උනත් බඩ දරු අම්මෙක්ට ගහපු එක නන් වැරදි...ඇඬුනා මේනකාගෙ රඟපෑමට 😢😢

sanjeewanigunarathne
Автор

සංජනලා වගේ තිරිසන් පිරිමි ඉන්නවා ඇග හිරි වැටුනා නට්‍යක් කියලා අමතක වුනා 😢😢

duleekamapa
Автор

අනේ දෙයියනේ ඇත්තටම ගොඩාක් බය හිතෙනවා මේ නාට්‍ය බලනකොට මෙහෙම දුක් විදින ගැහැනු අය කිදෙනෙක් ඇතිද දෙයියනේ 😢😢

maduchanu
Автор

දිනක්ෂි අක්කී රගපානවා නෙවෙයි ඒ චරිතේ ජීවත් කරනවා 👌 🔥 සම්මානයක් ලැබෙන්න ම ඕන මේ චරිතෙටනම් 😍

ishuonline
Автор

මේවා බලලා වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ අනියම් සම්බන්ධතා කියන්නේ ගිනි ජාලාවක් කියන එක...ඇත්ත ජීවිතෙත් මෙහෙම උන තැන් ගොඩක් තියනවා, විශේෂයෙන් ඒ සම්බන්ධතාවෙ ඉන්න ගෑනු කෙනා තමයි වැඩිපුරම පිච්චෙන්නේ....

fmfqqxl
Автор

මේ කොටස බලන්න මාර අමාරුයි 😭😢...දිනක්ශි අක්කේ...ඔයා එ චරිතෙට මාර විදිහට පණ පොවන්නේ😍❤

kanchanadissanayake
Автор

ජිවිතේ මොන විදිහට ගෙවන්න උනත් ගැහැනු තරම් විදවන්නෙ නැතුව ඇති කවුරුත් 🤔🤔🤔🤔

shamalipriyanthi