Take Care | Episode 31 - (2024-09-14) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ලංකාවේ එතෙක් මෙතක් telecast උන නියම dialog ටික.
ඇත්තටම සමාජයේ තියෙන ප්‍රශ්න මෙහෙම කතා කරන එකට respect 🙏

Praveen_Dambawinne
Автор

දෙවියනේ මෙච්චර තාත්වික රගපෑමක්...අසේනි ඔයා මගේ ඇස් වලට කදුලු ගෙනාවා..

kanchanabandara
Автор

වාසලගේ අම්මයි තාත්තයි මේ ප්‍රශ්නේ handle කරන විදිය නියමයි. හරිම open. මේ දේවල් ඇත්තටම කතා කරන්න ඕන දේවල්👌

treats
Автор

අසේනිගේ රගපෑම් අතිව්ශිශ්ඨයි. එම චරිතයට ව්ශේශ සම්මානක් ලැබිය යුතුයි .❤❤❤❤❤❤❤

priyalrohitha
Автор

මේකේ මට අද දැකපු ලස්සනම දෙයක් තමයි තමන්ගේ පුතාට ලේලි තේක දුන්නේ නැති තැන ඉදලම ඒ අම්මයි තාත්තගෙයි හැසිරීම.එයාලා බලාගෙන හිටපු විදිය සහ ඊටත් පස්සෙත් අසේනි ඇවිත් වාඩි වුනාට පස්සෙත් තමන්ගේ පුතාට කියන්නේ දැන් තමයි දුවව තවත් ආදරෙන් බලාගන්න ඕන කියන එක.මේ සමාජේ තමන්ගේ පුතා වැරදි වුනත් හරි වුනත් ඒක හොයන්නේ වත් නැතිව කතා කරන අම්මල තාත්තලා අතරේ ඒ සීන් එක නම් පුදුම විදියට දැනුනා.

g.h.b
Автор

මේක තනිකරම ළමා සංවර්ධනය පාඩමක්..
ළමා වියෙදී දරුවන්ට ලබෙන අත්දැකීම් ඔවුන්ගේ අවුරුදු 35 න් පස්සෙ ජීවිතය තීරණය කරනවා, මේ තියෙන්නේ ඒ තිත්ත ඇත්ත.පරිස්සමෙන් දරුවන් හදන්න.TAKE CARE.❤

raisingchildrennetwork
Автор

"මං දේවාලයක් හදලා මල් පහන් තියලා වැන්දෙ නැති ටික විතරයි අම්මෙ .. මං එයාට හැමදේම කලා, එයා වෙනුවෙන් හැමදේම කලා" මුලු ඩ්‍රාමා එකෙන්ම මට හිතට වැඩිපුරම දැනුණු දෙබස ❤ මේ මුලු කාලය පුරාවටම අසේනිගෙ චරිතෙ තිබුණු හැම හැඟීමක්ම ඒ වචන අස්සෙ තියෙනවා ❤

Hiru-lhym
Автор

අද නම් අසෙනී ඔයා අපිව ඇඩෙව්වා, රෙබෙකා ඔයාගේ රගපෑම ගැන කොමෙන්ට් එකක් දැම්මේ නැත්නම් හරිම අසාධාරණයි කියලා හිතුනා.මේ මල් මිට රෙබේකා ඔයාට, 💐දැකපු උත්කෘෂ්ට රගපෑමක්, ඒ හඩ, ඒ බැල්ම, ඒ සුසුම්, ඔයා අසෙනී ජීවිත කාලෙටම හදවතේ හරි බරට මතකේ රැදෙව්වා ❤️❤️❤️❤️❤️ඒ වගේමයි

ඒ දෙමව්පියන්ගේ චරිත කරන චාන්දනී සෙනෙවිරත්න, නැන්දම්මෙක්ගෙන් දක්න්න බැරි පුදුමාකාර මවුවත් දායවක් දැක්කා අසෙන් එක්ක තනියම ලගට ඉදගන්න කතා කරන සිද්ධිය එන්න දුව කියන ඒ දායාබරිත ආදර වදන් පිටපත් රචකයා මෙන්ම චාන්දනී සෙනවිරත්න නම් ප්‍රතිභාපුර්ණ නිළිය ඒ අවස්තාව අසෙනි නම් ඒ තැළුන නොතැළුන ලේලියට දක්වන දායාබරිත ආදරය ඒ නෙත්බැලුම මම චාන්දනි මහත්මියගේ හැමදාම ආසා කරන බැල්මක්.ඒ රගපෑම ගැන කතා කරන්න කොමෙන්ටුවකින් කරන්නට බෑ.ආදරෙයි චාන්දනී මහත්මිය.❤️සාරංග ඔබ නම් සාරංගව අමතක කරවලා ඔබෙන් වාසලව විතරක් හදවතේ ඉතිරි කරා, ඔබ මගේ ජීවිත කාලය පුරාවටම වාසල කියන නමෙන් ඒ රූපයෙන් මතකේ ඉදීවී ඒ වේෂ නිරූපනය අති විශිෂ්ටයි, සාරංග රගනයෙන් වාසලට ආරූඪ වෙලා ❤️💐

ShalikaThennakoon-hu
Автор

අසේනි ගේ රගපෑම අති විශිෂ්ඨයි.ඇයට සම්මානයක් ලැබිය යුතුමයි

Isurika-mfmx
Автор

සනත් මහත්තයා තාමත් සුපිරියට රගපානවා ඒ වගේම චාන්දනී මහත්මිය රීකන්ඩිශන් කතාවේ වෙනස්ම චරිතයක් අසේනිගේ කතාවේ ගැඹුර හිතේ තිබුනු දුක දෙමව්පියන් ඉදිරියේ කියන්න ශක්තිමත් වුනු අසේනි නිසා අද ගොඩක් අපේ කාන්තාවන් අනිවාර්යයෙන් ඇඩුවා ඒක මට වුනා වගේම දැනුනා පිරිමි හැමදාම ජීවිතය විදින්නවා ගෑනු හැමදාම විදෙව්වා වාසලගේ දෙමව්පියන් මේ ප්‍රශනේ විසදන්න හදන්නේ හරිම සාදරන විදියට මේ කතාව අපිට ලොකු පනිවිඩයක් දෙනවා මේ සදහා දායක වන සියලුම දෙනාට ස්තුතිය 🙏🙏

amaliahinsa
Автор

මේ තියෙන්නෙ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත කතාව
අපි විවාහ උනේ යෝජනාවකින්
ලින්ගික ජිවිතය පිලිබද කිසිම තෘප්තියක් මට තිබුනෙ නෑ, අවුරුදු දෙකකට පසු මන් එක එයා එක්ක විවෘතව කතා කළා,
මගෙ මහත්තයාගෙ ලින්ගික ක්‍රියාවලියේ කාලසීමාව පිලිබද ප්‍රශ්නයක්
ඔහු දෙදරා ගියා
බොහොම අපහසු තාවට පත් උනා
නමුත් මට ඒ හරහා ඇතිවුන හිස් බව, පසුකාලීනවා තරහවක්, අවේගශීලි බව නොරිස්සුම් සහගත ස්වභාවයක්, කොටින්ම ඉතා ඉක්මනින් වහා කිපෙනසුලු තත්වයක් බවට පත් උනා,
අඩුම ඔහු සියල්ල දැනගත් පසුවවත්
මගෙ ලින්ගික සුරන්තය ගැන කිසිදු දිනක සලකා බලා නෑ,
කාලය වසර තුනක් ගෙවීගිය පසුව පවුල් වල නොව මුලුලෝකයේම මිනිසුන් දරුවකු ගැන ප්‍රශ්න කරන නිසාම
මන් පෙලබුනා මවක් වීමට(නමුත් ඒ වන විටත් අපිදෙදෙනා අතර කිසිදු දිනක ලිංගික එකගතාවයක් මැරෙන තුරුම ඇති නොවෙන බව මම පසක් කරගෙන අවසන්)
ඉතින් දරුවෙක් හදන පිනිසම, ඉතා කෘතිම හැසිරීම් සහිත ලින්ගික එක්වීම් මාසයක් පමන වදෙන් පොරෙන් ඉතාමන්දගාමී ලෙස සිදු උනා,
ඉතින් අවසානෙ මන් මවක් උනා,
ඒත් පුතාව අවුරුදු දෙකක් වෙද්දි එයා වෙන ගෑණු කෙනෙක් එක්ක යාලු උනා, ඒක දැනගත්තහම මගේ හිතේ ඇති වුණ දෙදරීම, කම්පනය කොතෙක්ද කියා පහදන්න අමාරුයි, මන් එයාගෙන් අඩ අඩා හේතුව ඇහුවා ඇයි මට එහෙම කරේ?
එයා පෙමින් වෙලුනු ගැහැණිය විදේශික කෙනෙක්,
ඒ සිද්දියෙන් පසු 2019
අදවන තුරු 2024 ලින්ගික එක් වීම් දෙවතාවක් පමනයි, එයත් මිනිසෙකුට සිය ජිවිතය එපා කරවන ඉතා ඇල්මැරුණු, විනාඩි කීපයක් පමනයි,
මන් අදටත් කල්පනා කරනවා වෙන් වෙන්න
සම්පූර්ණ සිතින් කයින් අත්හැර දැමූ ගැහැනියක් වීම ඉතා කර්කශ අවසනාවන්ත බවක්,
මටද ඒ සදහා කොන්දක් නෑ, මන් හොදින් කල්පනාකරල මගෙ හිතින් විමසලා බැලුවා, ද්‍රෝහී වීමකින් පසුවද, සාර්තක ලින්ගික දිවියක් අහිමිවද මන් අවුරුදු 13ක් මොකටද මේ පවුල නඩත්තු කරන්නෙ?
සමාජයට බිය, දරුවට තාත්තා කෙනෙක් අහිමිවීම
මට දැන් අවුරුදු 40ක්
ජිවිතේ සොදුරුම ජවසම්පන්න, භද්‍ර යෞවනය ගෙවී ගිහින්
අදුරු දුක්කසාදයක
මන් පසුව අවබෝද කරගත් දරුනු සත්‍ය
ඔහුට මා කෙරෙහි ලිංගික ආකර්ෂණයක් නොමැති බව,

රන්ඩු, ශාප කිරීම.තර්ජන
මර්දන මධ්‍යයේ මිය ගිය සිරුරු එක වහලක් යට,

මෙ කතාව බලද්දි
චන්දනී සෙනවිරත්න, සිය ලේලියගෙන් විවෘත අහනව කොහොමද ඔයාලගේ සෙක්ස්ලයිෆ් එක?
මට මගෙ නැන්දම්මව මතක් උනා😂😂😂😂😂😂😂😂😂😂😂😂
හැමදාම තම පුතුගෙ වරද සගවන කූට ගැහැනියක් උන නැන්දම්මා
අවසානෙට කීයා තිබ්බෙ මෙවන් දෙයක්

😄 තාත්තා බොනව .පුතාත් තාත්ත වගෙ බොනවා, ඒව නතර කරන්න අමාරුයි, ,,😂පුතා මන් වගේ, මමත් ඔය ලිංගික දෙවල් පස්සේ පන්නන්නෙ නෑ ඒවට කැමති නෑ, ඉතින් පුතත් මන් වගේ😂😂
ඔන්න ඔය ප්‍රාථමික පිළිතුර අහපු ලේලි කෙනෙක්
මම
මගෙ ගෙදරින් හැමදාම මට කිව්වෙත් ඉවසන්න ඉවසන්න, කියා පමනයි, ඉවසීමෙන් තියෙන සැනසීමක් නැති වෙනවා,
ඒ වගේමයි
"ඔබ ඉවසන දේ ඔබට ලැබෙයි"
සමස්ත කතාව එපමනයි
2025වසරේදිවත් මේ විහිලු කසාදෙ අත්හැර දමා පුතා සමග සෘජු තීරණයක් ගන්න මට ශක්තිය ලැබේවා!

selmarakela
Автор

චාන්දනී වගේ අතිවිශිෂ්ට නිළියක් ඉස්සරහ රෙබෙකගෙ රඟපෑම නම් මරු. එයාට ඒක අභියෝගයක් විදියට දැණෙන්න ඇති හැබැයි ❤❤

udumbaramandodari
Автор

ආදරණීය රෙබෙකා (අසේනි)... ඒ කටහඬ ඒ බැල්ම, ඒ දෙබස් උච්චාරණය, ඒ expressions හරිම unique ... one and only රෙබෙකා... මේ රටේ බිහිවුණු දක්ෂතම නිළි පරපුරේ ඊළඟ පුරුක වෙන්න ඔබට වරම් ලැබෙනකල් අපි බලා ඉන්නවා.. ❤❤❤❤ ❤❤💐💐💐💐

yashsats
Автор

මුළු කතාවෙම හරය අද එක කොටසකින් පෙන්නුවා. සීරීස් එකේම දැකපු හොදම හරවත්ම සුපිරිම කොටස අද. මෙය සම්මානයට බදුන්වියයුතු ටෙලිනාට්‍යයක් කියලා අද ඔප්පු කලා ❤️‍🔥

thililakshi
Автор

Take care director මාරම talented. Script එක නියමයි. මෙච්චර කාලයක් ටෙලි නාට්‍යයක එලියට ආවේ නැති කථා තේමාවක් හරිම සන්‍යමයෙන් ලස්සනට ඉදිරිපත් කරනවා. හැම නලුවෙක්ම නිලියෙක්ම තමන්ගේ චරිතයට උපරිම සාධාරණය කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අසේනි ඔයාගේ acting ඇත්තේන්ම next level. ඒවගේම සුළු චරිතවලට ගන්න නළු නිලියන් පවා ලංකාවේ no. 1 අය ගන්න director බුද්ධිමත් වෙලා තියෙනවා. ඒක මාරයි 🎉🎉🎉

ChithraIllangasinghe
Автор

මේ කතාවේ මම දැක්ක ප්‍රදානම දේ. පවුල් දෙකේම දෙමවුපියන් හැසිරුන විදිය.❤ සාමාන්‍යයෙන් ඔහොම දෙයක් උනානම් කොල්ලගේ පැත්තේ අය කරන්නේ කෙල්ලට බැනලා අපේ පුතා එහෙම නෑ කියන එක. ඒ අතින් තමන්ගේ දරුවට වරද පෙන්වල දෙන සැබෑ දෙමවුපියන් ❤

LashiPuja
Автор

අද අසේනිගේ acting ඒක වෙනම level එකක්...🔥🔥🔥 සමාජයට දුන්න පාඩමත් වෙනම level එකක්...සුපිරියක්....

MrRaman-brgq
Автор

අම්මො end එක .. psychology lesson එකක්ම තියනවා. ගොඩක් පවුල් ප්‍රශ්න ඉවර වේවි මේ කතාව හරියටම මිනිස්සු ඔළුවට දාගත්තා නම්.. ❤ Respect !

Mindwithyou
Автор

මේ දක්වා විකාශය වුනු episode වලින් හොඳම හිතට දැණුන episode එක🥺❤රෙබෙකා අසේනිව ජීවමාන කරපු විදිහ අධිතාත්විකයි🔥💖අසේනි හිතේ හිරකරන් හිටපු දුක ගිනිකන්දක් පිපුරුවා වගේ පිටාර ගැලුවා.වචන එකතු කරගන්න බැරි තරම් විශිෂ්ට රංගනයක්.අසේනි වෙනුවෙන් සම්මානයක් ලැබෙන්නම ඕන🔥💓

rasaarasaa
Автор

අසිනි රගපානවද?නැත්නම් එයා ඇත්තටම එයාගේ කතාව කියනවද?ඒ තරම් acting next level

avishkalakshan