Unblocked - Lochi

preview_player
Показать описание
Lochi Studios (PVT) LTD විසින් නිෂ්පාදනය කරන ලදී.

අධ්‍යක්ෂණය: ලෝචනා ජයකොඩි
පිටපත: සරිත් ප්‍රනාන්දු
කැමරාකරණය / සංස්කරණය / වර්ණ ගැන්වීම / දෘශ්‍ය ප්‍රයෝග: පසිදු පෙරේරා
සංගීත නිර්මාණය: ලසිත් දිමිත්‍රි
ශබ්ද පටිගත කිරීම: පසිදු මනුශාන්
පසුබිම් කතනය: රශ්මික පොල්පිටිය

රංගනය:
ලෝචනා ජයකොඩි
රුමේශා උශානි
මෙනුශි නෙතු
කවිදු යසස්
පසිදු පෙරේරා
මිලා මෝටියර්
කසුනි නිමේශා
චිත්‍රා රන්මුතුගෙ

ඩිජිටල් මාධ්‍ය දායකත්වය:
හරි TV

විධායක අධීක්ෂණය සහ උපදේශකත්වය:
තනූජා ජයවර්ධන
ලහිරු මුදලිගේ
මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
හෑෂ්ටැග් පරපුර

නීති උපදේශනය:
ජගත් ලියනාරච්චි
සරසි පරණමාන්න

ව්‍යාපෘති අධීක්ෂණය:
UNDP
FACTUM
HARI GLOBAL
Рекомендации по теме
Комментарии
Автор

ලෝචි ඔයා කාලීන ගැටලුවක් තේමාවට අරන් ..ඔයාගෙ ඉදිරිය වඩාත් යහපත් වේවා

harendralakmal
Автор

මේ වීඩියෝ එක රගපෑමක් වුනත් ඒක බලද්දි ඇත්තටම මට තරහක්, දුකක් ආව අනිත් ආගම් වල අයට එහෙම සලකනව දකිද්දි .හොද ආදර්ශයක් මේ වීඩියෝ එකෙන් සමාජයට දෙනව ❤️❤️🔥🔥

UMIYAs.r
Автор

විශිෂ්ඨයි ...රංගන ශිල්පීනිය ලෝචි...
මනුසත් බවට අතවනන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා...ආදරෙයි සොහොයුරිය ...ජයවේවා ...❤️

nuwanranasinghe
Автор

Nazeera බලන්න ආසාවෙන් හිටියේ, සුපිරි වැඩත් .

dhammikadissanayake
Автор

මම බලපු විඩියෝ වලින් ඉතාමත් නියම නිර්මානයක් ජය වේවා, සුබ පතනවා, මම දැනට කතා ලියන්න සුදානම් කරලා තියෙන්නි, ලගදිම ලස්සන විඩියෝවක් දානවා,

oshadarajitha-student-mora
Автор

මෙදාපාරනම් හොද video එකක් කරලා. මම හැදුනේ වැඩුනේ මුස්ලිම් ගමක් මැද හරිම සහජීවනයෙන් අපි හැමෝම ඉන්නේ. ඒ මිනිස්සු ගැන හරියට දන්නේ නැති අය එයාලා දිහා බලන්නේ හරිම අමුතු විදියට. මට නම් සින්හල දෙමල මුස්ලිම් කියල වෙනසක් නැහැ හැමෝම මිනිස්සු.
# Respect lochiyo සමාජෙට හොද video එකක් කරාට#

asitha-vlkh
Автор

අන්තිමට ලෝචි අක්කා දුවන් යද්දි නම් දුක හිතුනා😥 හැමෝම එකමුතුව ඉන්නවා නම් අපේ අරට කොච්චර නම් ලස්සන වේවිද😥❤

nethminimesha
Автор

මේකනම් patta vedio ekek akki...මම tamil කෙනෙක්.. මටත් සමහර වෙලාවට මේ වගේ සිද්ධිය වෙලා තියනවා. අපි හැමෝම මිනිස්සු...ඇත්තටම එක සමහර කට්ටිය ට තේරෙන්නේ නෑ 🤷‍♀️

vijiviji
Автор

225 නියම කනේ පහරක් ලෝචී ඔහොම යමු අපේ එව්න්ගේ ඇස් පෑදුවට ගොඩාක් පින් 🙏

hiranmadusanka
Автор

නියමයි ලෝචියෝ. Script, acting, cast එළ. අවස්ථාවාදීන් රජ කරන සමාජයකට ඔයා වගේ hit characters මෙහෙම දේවල් කරන එක ගොඩාක් වටිනවා. Great work. Respect 💐💐💐

chithra
Автор

ලෝචිගෙ විඩියෝ වලින් ලොචිට තරහ හිතුන එකම වීඩියෝ එක. මොනා උනත් සුපිරිම වීඩියෝ එකක්. අපි හැමෝම එකම මිනිස්සු

sandanimalshani
Автор

ඒකනම් 🥺🥺🥺 සමාජෙට මේ වගේ ආදර්ශ හම්බෙනවානම් කොච්චරනම් හොඳයිද 😇❤️ ස්තූතියි ලෝචි ❤️

lakiya
Автор

හැමෝගෙම දුවන්නේ එකම ලේ...❤️ වටින අදහසක්

NishuAma
Автор

Thank you Lochi & Team. ඇත්තටම මේ Video එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා. අහක යන කුණු ගොඩට වඩා අපි අපි ගැනම හිතුවොත් වෙන්නේ අපි තවත් ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි. එන්න.. හිතමු දෙපාරක්, , තුන්පාරක් නොව හතරපාරක්.. 💪

shashikahettiarachchi
Автор

අද කාලේ සමාජයට වටින අදහසක් ඉදිරිපත් ගොඩක් ස්තුතියි ලෝචි..❤

henakace
Автор

හැම u tube චැනල් එකකින්ම මේ අදස එන program එකක් කරමු, අපේම මිනිස්සුන්ට ඇත්ත කියලා දෙමු, පාදඩ දේශපාකයො පරදමු

udarasampath
Автор

Hats off lochi.මාරම creative..thank you මිනිස්සුන්ගෙ ඇස් පාදන්න කරන මෙහෙයට❤❤

hansisilva
Автор

ඉතාමත් කාලෝචිත වටිනා පණිවිඩයක්.
තෙරුවන් සරණයි!

kishanthaabeysinghe
Автор

ගොඩක් වටිනව. ඔක්කොම මිනිස්සු.කුල මල, ආගම්, දුප්පත්, පොහොසත්, උතුර, දකුන කියල කෑලි වලට කැඩුවට.❤️

thisaraprabath
Автор

මුල ටික බලද්දීම මාර දුකක් දැනුනේ. මම නම් මුස්ලිම් මිනිස්සුන්ට හරිම ආසයි. කඩේකට ගියත් එන මිනිස්සුන්ට හරිම හොදට සලකන්නේ මුස්ලිම් අය තමයි.ඇත්තටම අපේ අයට වැඩිය හරිම හොදයි ❤

Candy-nxez