Asuru Sanin Eka Mohothakadi - Yamuna vinodani

preview_player
Показать описание
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා ....

යෙහෙලියන්ගේ ඉඟි දිනෙක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා....

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා....

පද රචනය - කුසුම් පීරිස්
තනු නිර්මාණය සහ සංගීතය - ලෙස්ලි අසෝකා
ගායනය - යමුනා විනෝදනී
Рекомендации по теме
Комментарии
Автор

ආදරයක් ඇත්ත, නැතත් විරහ වේදනාව දැනෙන ගීත රසවිදින්න ලැබෙන එක ආදරයක් ලබනවාට වඩා ජිවිතයට සංවේදියි, සැනසිලිදායකයි.

chamika
Автор

විශ්වය අලුතින් බිහි වේවා....ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා 💞🙏😇

pc-fxxu
Автор

අනේ හරිම ලස්සනයි අහනවා අහනවා ඉවරයක් නෑ 😔🥰✊👌
"ඔබේම වි මා මගේම වි ඔබ අපේම වි අප ඉපදෙවා " මේ කොටස අහලා ෂොක් වෙනවා අහන හැම වතාවෙම හේතුවක් නැ කඳුළු එනවා 🥺😞😍🥰 feel it 💘😻💜💛💚🧡

samanpriyantha
Автор

ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා, සහ ගීත රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මියනි ඔබට සුබ ගමන්...!

udithagamage
Автор

ඔබේම කුලගෙයි පතිනිය වන්නට මතු යම් දවසක හැකිවෙවා!! ඔබේම වී මා මගේම වී ඔබ, අපේම වී අප ඉපදේවා. !!!!❤❤🙏

sasiniperera
Автор

වැරදි අපි කා අතිනුත් සිදුවේවි... බිදෙමින් හැදෙමින් යන සසර හැටි එහෙමයි, කඳුළු සලා පෙම නොතලා සංසාරයේ කෙලවර නිවන් දක්නාතෙක් අපේ හදවත් අප වෙතටම නැඹුරු වේවා...!!! සිඟිති තොලක කිරි සිනා දකින්නට එක සෙවනකදී හැකිවේවා...!!! ප්‍රාර්ථනාවන්ගේ අග්‍ර පලය එයයි.

ThilinaRajinda
Автор

කාලය හා අවකාශය පිලිම්බන්ද ගැඹුරු විද්‍යාත්මක සංකල්පයක් කලාව සාහිත්‍යට මුසු කල අපුරුව ඔබට ජය❤️

wishwavillage
Автор

අම්මෝ අහම්බෙන් අහපු සිංදුවක් පුදුම ලස්සනයි තව කොච්චරනම් අපි නොදන්න මේ වගේ සිංදු ඇතිද ...මේක අහන්න සලස්වපු fm රේඩියෝ වලට ස්තූති 🙏

mj
Автор

සංගමයෙන් ගයන සුවහසක් පෙම්වතුන්ගෙ ප්‍රර්ථනය...♥️♥️♥️♥️

shshikapeiris
Автор

අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා ....

යෙහෙලියන්ගේ ඉඟි දිනෙක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා....

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා....

methujamanasara
Автор

I love this song. Though I don't understand the whole meaning of it but I can feel the sandness in her voice. It reminds me of the good old days I visited Sri Lanka several years ago. I loved everything Sri Lankan and didn't want to return to my country yet but the time for my staying there was limited so I had to depart with a really really sad mind. Still missing this beautiful county called "Sri Lanka."

seutoonnachiangkhong
Автор

හදවතට දැනෙන පද රචන, සංගීතය මෙන්ම හැඟුම් බර ගායනය ...මනෝ රමණීයයි ..❤❤❤

lalanthagunawardhana
Автор

තමන්ගේ හොදම යහලුවා හෝ යෙහෙලියට සිතින් පෙම් කරන කරපු ගීත තිබෙන්නේ ඉතාමත් පොඩ්ඩක් (දැන් කාලේ කියනවා නම් Besta Besti) ඒ බැදීම ආදරයටත් එහා ගිය බැදීමක්. සදාකාලික මතකයක්. සනත් නන්දසිරි මහතා ගයන දේදුන්නේ පාට පාටින්, මුලුලොව මගෙන් අසාවී යන ගීතත් මේ හා සම්බන්ධ සිදුවීම් ❤️❤️❤️

lahirusampath
Автор

ආදරයේ පරම ප්‍රාර්ථනාව.... "ඔබේම වී මා.. මගේම වී ඔබ... අපේම වී අප ඉපදේවා .."

indika
Автор

මෙවැනි අර්ථවත් ගීත් ලිවීමටත් මෙවැනි තාල දැමීමටත් මෙවැනි ගීත ගැයිමටත් හැකියාව ඇති පිරිසක් යලි මෙම රට තුල බිහි වේවා. කුසුම් පීරිස් මැතිනියනි ඔබට නිවන් සුව!!

selani
Автор

2024❤
ඇත්තටම මම මේ සින්දුව හොයල අහන පලවෙනි පාර මේ. ඒකට හේතුව එක පුද්ගලයෙක්ට මම සිංදුවක් කියමුද කිව්වම, එයා කිව්වෙ මේ සින්දුව. ඒ තමා මම මේක අහපු පලවෙනි වතාව. ඒ කෙනා අංගොඩ මානසික විද්‍යායතනයේ දැනට ප්‍රතිකාර ලබමින් ඉන්න අවුරුදු 50ක කාන්තාවක්. එයා මාත් එක්ක කිව්ව එකම දේ තමා මේ සිංදුව. එයාගෙ විස්තර මට කියන්න අකමැති උනත් මේ සිංදුව නිසා මට හිතාගන්න පුලුවන් උනා එයාට ආදරේ ගැන ප්‍රශ්නයක් නිසා තමා මෙහෙම වෙන්න ඇත්තෙ කියල. ඉතින්... ආදරෙත් එක්ක සෙල්ලම් කරන්න එපා ❣️😢

nishadinishehara
Автор

ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා ....
2024😇

BUDDHIMAGIHAN
Автор

මේ ගීයෙ සැගවුන ලස්සන කතාවක් තියෙනවා ... ඒක දන්නව නම් මෙහි රසවත් බව වැඩියි

gevindukoralege
Автор

සෙනෙහෙ විමානේ කිරුළු දරණදා
සිගිති තොලක කිරි සිනාදකින්නට
එක සෙවනකදි හමුවේවා

SudeshMadusanka-yj
Автор

Mage kavi💔💔❤️❤️❤️ 2020/12 ape mathakaya 2018/4/10 ඔයා කවදහරි මේක දකියි කියලා හිතෙනවා❤️❤️

Dhanushanaturalist
visit shbcf.ru