Raween Kanishka - Aradhana Oya Dasin Epa | Deweni Inima Season 2 Teledrama Song | eTunes

preview_player
Показать описание
Raween Kanishka - Aradhana Oya Dasin Epa | Deweni Inima Season 2 Teledrama Song
℗ 2024 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more

Dial Now...
For "Aradhana Oya Dasin Epa" song Set as your RingIn Tone...
☎Hutch: 369576335
☎Dialog: 8713151573
☎Mobitel: 74764028
☎Airtel: 8880128355

● ARTIST | Raween Kanishka
● LYRICS | Amila Ruwan Nandasena
● MUSIC | Ranjith Premaweera
● MIX & MASTERED | Nimesh Kulasinghe

___________________________________

LYRICS ✍🏻

ආරාධනා ඔය දෑසින් එපා //

හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා
හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා
ආරාධනා
ඔය දෑසින් එපා

සංසාරේ මුණගැහිලා පුරුදුයි වගේ
මං ගාව නවතින්න එන්නද හිතේ
නැවතිලා බැලුවාම
හැමදේම හිතුවාම
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා

ආරාධනා

සඳපාන වැසිදාට ගිලිහී යතී
සඳසාවි දැකගන්නවත් ඉඩ නැතී
සැඟවිලා ගීය මතක
හිරවීලා එක හිතක
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා

ආරාධනා

___________________________________

#etunes #aradhanaoyadasinepa #raweenkanishka #ආරාධනාඔයදෑසින්එපා #deweniinimateledramasong #etunesmusic #etunesrecords #amilaruwannandasena #ranjithpremaweera #nimeshkulasinghe #tvderana #sinhalasongs
Рекомендации по теме
Комментарии
Автор

විනාඩි කිහිපයක් හිත නිවන භාවනාවකට සමවැදුනා වගේ🥺❤️

අනේ රවීන් අයියා ඔයාට තියෙන්නේ හිතක් නිවන්න පුලුවන් කටහඬක්. හදවතේ ගායකයා හැමදාමත් ඔයා විතරමයි අයියේ.🥺😭❤️

ඒ වචන වල ලස්සන.අනුහස් සමාදි සීන්ස් ටිකත් ලස්සනට මැච් කරලා තියෙනවා සින්දුවත් එක්ක.❤️

yashodyasathsarani
Автор

බොහොම ස්තූතියි ගීතයේ පද රචකයා හැටියට මාව මතක් කළ සියලු දෙනාට❤️

amilaruwan
Автор

දෙවෙනි ඉනිම මුල් කාලෙ ඉදන්ම සුපිරි songs ටිකක් දුන්නා. රවීන් කනිෂ්ක, කේශාන් ශශීන්ද්‍ර දෙන්නම සුපිරි songs ටිකක් දෙවෙනි ඉනිමෙ කිව්වෙ❤❤❤

LakshithaLakshitha-ti
Автор

අනේ අයියේ ඒ හඬ 🥹 හිත නිවන හඬක්‌ ඔයාට තියෙන්නේ❤ හදවතේ ගායකයා raween kanishka ❤

Umamasamoon_
Автор

🌟කටහඩ 100 %
🌟දක්ෂතාව 100%
🌟උත්සාහය 100%
🌟නිහතමානීකම 100%

milokapaligora
Автор

මාර කට හඬක් මල්ලි ඔබට තියෙන්නේ ..වාසනා වේවා .ජය වේවා ...බුදු සරණ වේවා !!!

AnuLanka-cx
Автор

හැමදාමත් වගේ කටහඩ භාවනාවක්ම තමයි. කටහඩට ගැලපෙන්නම සින්දුවත් ලස්සනට ලියලා. රවීන් කනිශ්ක කියන්නෙ හිත නිවන Brand එකක්. මොන work stress එකක හිටියත් රවීන් අයියගේ මොනම සින්දුවක් ඇහුවත් හිත නිවෙනවා. සින්දුවකින් හිතක් නිවන්න පුලුවන් අද කාලේ ඉන්න නිහතමානී නියම ගායකයෙක්.

mayukapankajani
Автор

හිත මොහොතකට දැහැන් ගත වුනා වගේ..
පද රචනය, මෙලඩි එක වගේම රවීන් අයියගෙ ගායනයත් සමග එතෙක් මෙතෙක් දෙවෙනි ඉනිම තුලින් බිහිවුනු අති විශිෂ්ඨතම නිර්මාණයක් කිව්වොත් මං නිවැරදියි❤️🥺

AGSCK
Автор

ඇත්තටම හොඳ චරිතයක් හැම දේකටම සාදාරනයක් ඉටුකරනවා නිහතමානිකම ඒ වගේමයි දිගටම ඔහොම හිටියොත් හැම අවුරුද්දෙම හොඳම නළුව හොඳම ගායකය හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ලැබේවි නොඅඩුවම බුදු සරනයි❤️❤️❤️

SethraniSilva
Автор

අනේ එ් voice එක කී වතාවක් අැහුවද මං හරිම ලස්සනයි හිත නිවනවා අපේ.සමාධිත් හරිම ලස්සනයි හැමෝම ලස්සනයි...❤❤

thuthinisoysa-jywc
Автор

රවීන් ඔයාගෙ කට හඩින් බුදු සමිදුන්ගේ ගුණ වැයුමක් අහන්න ඕනෑ
තෙරුවන් සරණයි ...!!!

සාදික්කා
Автор

ඔයාගෙ කටහඩනම් හරිම ලස්සනයි අයියෙ 😊❤🥰🥰ඉදිරි වැඩ කටයුතුත් හොදින් කරගෙන හොදින් ඉන්න බුදුසරණයි ❤❤❤

hirunihiru
Автор

අනේ අයියා හරිම ලස්සනයි අනේ ඔය කටහඩ හිත නිවනවා ❤❤❤

JagathRohana-dl
Автор

මම මේ සින්දුව දැනට 5 ස් වතාවක් බැලුව ඒ වගේම අනුහස් සමාධිව එක්කගෙන එන කොටස හරිම ආදරණීයයි. හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි කවදාවත් රවීන් කනිෂ්කගේ සින්දුවක් මෙහෙම හිතට වැදිලා නෑ

kumara
Автор

මේ සිංදුවනම් පට්ට එ කටහඩ මාරම ලස්සනයි .අපිට මෙහෙම ⁣fell එකක් දැනෙනවානම් එයාලා එතන ඉදන් live කොහොම felling එකක් දැනෙනවා💟 ඇතිද❤❤❤❤❤❤

kaviduthenn
Автор

මේ ගීතය හිතට සමීප හිත සනසවන එක්තරා අපූරු මැජික් එකක් වගේ....හරිම සරල හැබැයි ලස්සන පදවැලක්...ඒ වගේම මොකක්දෝ අමුතුම රහක් ගැබ් වෙච්ච සංගීතය...ඒ හැමදේටම නොඅඩුව මුසු වූ රවීන් අයියගෙ ආදරණීය හඬ මවන මිහිර අතිඉස්තරම් 😍👌🔥🔥💯❤

කොච්චර ඇහුවත් එපා නොවන සුන්දර ආදරණීය ගීතයක් 👌🔥🔥 ❤❤

mtnmtn
Автор

මේ සින්දුව නම් පිස්සුවක් අනේ.. අනුමාධි ❤ගොඩාක් ලස්සනම couple එකක්..🎉❤

AGSCK
Автор

ඇගට දැනෙන සින්දු ඕනැ තරම් හැදෙන කාලෙක මේවගේ හදවතට දැනෙන සින්දුවක් ඇහුනම හරි සැනසිල්ලක් දැනෙනවා..ඇගට නැතිව හිතට දැනෙන්න ගයන ගායකයො අතලොස්සක් අතරෙ රවීන් තමයි ඉහළින්ම ඉන්නෙ.ඒ හඩේ තියනවා මොකක්දෝ වශියක් ආයෙ ආයෙම අහන්න හිතවන.දවසම උනත් අහන් ඉන්න හිතෙන එපානොවී.lyrics melody voice හොදට ගැලපිලා තියෙනව.සුබ පැතුම්.

niroshadeepaniariyarathna
Автор

මල්ලි කට හඩ ලස්සනයි ගොඩාක් ආදරේයි පරිස්සමට වැඩ ටික කරගන්න🥰❤

SujeewakalumJayasoriya
Автор

පද රචනය හැගුමන් බරයි. ආස හිතේ.
ගැයුම්ත් එයටම හරි යන හැගීම් බරිත, කට හඩ,
දැකපු අහපු ලස්සනම.

damithaganepola