Music Video : Siyumali Rosa Male

preview_player
Показать описание
Siyumali Rosa Male
Staring Keith Ranga and Natalie Shnelle
Andy Samarasena Video
Рекомендации по теме
Комментарии
Автор

සිරි යහනේ සුදු සේලේ එලලා ඒ ටිකනම් මරු ඈ..😅😅😹😹✋✋

bimsarajayalath
Автор





සියුමැලි රෝස මලේ

මල් සමය නිම
මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ


සියුමැලි රෝස


ඇය :-
අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා
සිත බන්දන මල් සමය නිමවෙන්නෙ

ඔහු :-
ඔබ ඈත මම ඈත අපි වෙන් වෙලා
මහ සාගරය අප වෙන්

ඇය :-
මල් සමය නිමවෙන්නෙ



ඇය :-
අද අදම ඔබෙ කුමරු වී එයි කියා
අනුරාගී නෙතගින්
සිරි යහනෙ සුදු සේලේ එළලා
සදවතිය ගිරි මුදුනෙ සැගවී



සියුමැලි රෝස මලේ

මල් සමය නිම
මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ


සියුමැලි රෝස


ගේය පද : සරත් ගුණරත්නයන්
ගේය තනු : කාලෝ විජේසිරි‍යන්
ගේය හඬ : කලාසූරී ලතා වල්පොලයන් සහ රූකාන්ත ගුණතිලකයන්

චිත්‍රපටය : #චිට්ටී

1994 වසරේ මෙරට පලමු පෞද්ගලික ගුවන් විදුලි නාලක වූ #සිරස_Fm" නාලිකාවේ ඉරිදා සවස 7.00 ට #අලුත්_සිංදු" නම් නැවුම් ගීත වැඩ සටහනක් විකාශය විය. එහි නිවේදකයා ලෙස කටයුතු කලේ වර්ථමානයේ එම නාලිකාවේම මෙහෙයුම් අධ්‍යයක්ෂක නාලිකා ප්‍රධානියා ලෙස සේවයේ යෙදෙන #නිහාල්_වික්‍රම_එදිරිසූරිය විසින්‍ ය.

ඔබට මතක නම් ඒ අලුත් සිංදු වැඩ සටහනේ මුල්ම අලුත් සිංදුව සේනානායක වෙරලියැද්ද ගායනා කල නැසිගිය සංගීතවේදී සිරිල් පෙරේරා තනු නිර්මාණය කල #කුසපබාවතී_පුවතක්" ගීතයයි. එම වැඩ සටගනේම දෙවන ගීතය ලෙස මේ #සියුමැලී" විකාශය වූ බව ඒ වැඩ සටහන ඇසූ කාහටත් සිත් හී කුඩා මතකයක් හෝ ඇතැයි සිතමි.

එකල ආධුනික නවක සංගීතවේදියෙකු වූ #කාලෝ_විජේසිරියන් විසින් නන්දා මාලනීයන්ගේ නවක ගේය රචකයින් ට නවක සංගීතවේදීන්ට කළඑළි බැසිමට මංපෙත් විවර කරවූ පළමු ගීත සංග්‍රහය #අරලිය_ලන්ද්ට" ගීත සංග්‍රහයේ ගී (දෙවැන්න #මලට_රේණු ගීත සංග්‍රහයය 1999) ද්විත්වයක් සදහා අභීනව ගේය තනු නිර්මාණය කරීමට වරම් උදාකරගත්තේ #අරලිය_ලන්දට හා #ගඟට_ඉවුරක්_වී" ගී සදහා රසාලිප්ත ගීත සදහා තනු නිර්මාණය කරදීමෙනි.

එයින් පසු මේ 90" දශකයේම මේ සියුමැලී ගීතය සදහාද අලංකාර ගේය තනුවක් ඔහු විසින්ම නිමවීමට හැකියාව ලැබිණු අතර පසුව එම වසරේම තිරගත වුණු #චිට්ටී" චිත්‍රපටය සදහාද මේ ගීතය ඇතුලත් කෙරෙණි. (මෙය චිත්‍රපටයකට පසුව ඇතුලත් කල ගීතයකි) එම ගායනය සදහා රංගනයෙන් දායක වුනේ ප්‍රවීණ නිලි #සබීතා_පෙරේරාය. මේ 29 වසරක පෙර නිර්මාණය වූ ගීතයේ ඉතිහාසයේ බිදක් පමණි. ඒ ගී රසයේ මිහිර අදටත් එසේ නොඅඩුව ඇති බව ඔබට නොහැගුනොත් පුදුමයක් නොවන්නේද?


"ගී මිණි අරණ" ගී රසෝඝය වෙනුවෙන්....
🎻🎵🎼🎶🎤

© ප්‍රසාද් ප්‍රනාන්දු....🖋️

මෙවැනි රසාලිප්ත ගී මිහිරක ආත්මීය රසය විදගන්න ඔබත් පිවිසෙන්න අපගේ ගීතමය රසෝඝයට....

"ගී මිණි

Prasad.Fernando
Автор

මං මේක මුලින්ම බැලුවේ 2015 ඒත් කමෙන්ට්ස් කරන්නෙ අද...ලස්සනයි ගොඩක් ❤️❤️❤️

a.hcrishanchandima