Sanda Kaluwara kura gaga - Nanda Malini

preview_player
Показать описание
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා...

වළාකුලකුදු නොමැති අහසේ
මළානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජවෙලා...

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා...

පද රචනය - මඩවල එස්. රත්නායක
සංගීතය සහ ගායනය- විශාරද නන්දා මාලිනී
Рекомендации по теме
Комментарии
Автор

මාගෙ ප්‍රියතම ගීතය ක්. කාලෙකින් ඇහුවේ. ස්තූතියි. 1970 ගනන් වල මුලින් ම ඇහුවේ. සුන්දර ළමා ලෝකය මතක් උනා.

Health-And-Diabetes
Автор

2021 අහන අය කො.. එ කටහඩ... එ වචන පෙලට දෙන අර්තය...❤✨️🌎 වචන නැ ආයෙ... තමාත් අහන්වා

sumuduLakmal
Автор

නන්දා මාලිනිය යනු මනුශ්‍ය ආත්මය තුලම දේවත්වයට පත් වූ ගැහැනියක්❤️🙏

kelumchathuranga
Автор

මේ විශ්වය පවතින තාක් මේ සිංදු සදා අමරනීයයි. ශ්‍රී ලංකාවෙ කිසිදා නොමැකෙන සිංදු ❤️❤️

sahirusheyan
Автор

සැදෑ කළුවර කුර ගගා විත්....

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ
ඈත්වූ සඳ මගේ සරා සඳ
තනිවෙලා මා

වලාකුළකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි....
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා....

සැදෑ

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි....
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත

ගේය පද   : මඩවල එස්. රත්නායක
ගේය තනු : ආචාර්‍ය නන්දා මාලනීයන්
ගේය සං    : රෝහිත විජේසූරියන්
ගේය හඬ : ආචාර්‍ය නන්දා මාලිනීයන්

"තාරුකා ඇස්" ගීත සංග්‍රහය (80" දශකය)
සිංග්ලංකා

හැරදමා යාමක් නිසා ඇතිවූ වියෝවීමක් හෙතුකොටගෙන මනෝරම්‍ය ලෙස විරචිත වූ ගේය කාව්‍යකි. මෙහි වෙන්වීම නිසා ඇතිවන සංවේදනාත්මක හැගුම මනාව පුබුදන්නට ගීත රචකයාණන් යොදා ගන්නා උපමා රූපක විශිෂ්ඨයි.

සැදෑ කළුවර හෙමිහිට අවුදින් ඔබේ පැල්පතේ එළිය වසා දමනවා ඒ අදුරින් ඔබේ පැල්පත මගේ ඇසින් නොපෙනී යන මානයේ පවතිනවා. මගේ සඳ මා අදුරේ දමා ගොස් අවසානය. මේ වෙන්වීම කෙසේ හෝ මා දරාගන්නද? මා තනිවී අවසානය සරා සඳ මට අඳුර දී සැගවගොස් ඇත. මට දැන් වෙන කවරෙකුගේ සරණක්ද?

අඳුර රජ වූ අහසක වළාකුලක් දැක ගන්නට නොහැකි ලෙසම මගේ හිතේ රැදි බලාපොරොත්තු සියල්ල සුන් වී එක තැනක නතරවී ඇත. ඒ සිතුවිලි අඳුරු අහසක තනිවෙලා සෙය. මගේ මුළු ලොවම අඳුරුවී අවසානය.

ඔබේ ලොකය මගේ ලෝකය අතර වෙනස රැයක් ලෙස දකින්නේ ඇය මේ අඳුරු ලෝකයේ ඔහු හැර දමාගොස් ගිය නිසා බව ඇය වික්ශිප්තභාවයෙන් සුසුම් හෙළමින් පවසයි. ඒ අඳුරු දිවියක ගෙවන ජීවිතේ කඳුලක්ම මිස සතුටක් තියේවිද? ඉදිරිය නොපෙනෙන ලෙසම ඇය අන්ත අසරණව ඇත.  අනූනද

මේ යෙදුම් වදන් සාහිත්‍යය ගුණාංගයන්ගෙන් රසයෙන් මොනතරම් පෝෂිතද ගීතය වියෝවීමක් ගැන කියවුනද මෙහි ඇතුලත් සාහිත්‍යයම ගුණාග ගැන යම් අවබෝධයක් ලබා දීම පිළිබඳව ඔබවෙත මා  අවබෝධයක් ගෙන එන්නට සිතුවා. බැලු බැල්මට සරල ගීතයක් ලෙස මතුපිටින් පෙනුනද එහි අන්තර්ගතය සිංහල ජන සාහිත්‍යයේ ආභාශයෙන් විරචිත වූවක් බව බොහෝ අය නොදැන සිටින්නට ඇති.

#කුවේණි අස්න" නම් කුඩා ග්‍රන්ථ කිහිපයක් ලෙස ලියවුණු ජන සම්ප්‍රදායික කෘතියේ මේ ගීතයට අදාල පුවත මෙසේ දිග හැරෙනවා. කුවේණි අස්ණ යනු කුවෙණියගේ පුවතයි ඒ තුල සදහන් වන්නේ #විජේ රජු හා කුවේණිය අතර හමුව පුවතයි. #කෝට්ටේ යුගයේදී මේ පුවත රචනා කලේ #ෂඩ් භාෂා පරමේශ්වර උතුරු මුල මහ තෙරිදුන් විසිනි.

පුවතේ සදහන් වන පරිදි විජය රජුන්ට රාජත්වය අභිෂේකප්‍රාප්තිය කුවේණිය සරනපාවා ගැනීම ලොකුම බාදකයක් වූවෙන් ඔහු කුවේණිය දරු දෙදෙනා සමග රජ වාසලින් නෙරපනු ලබයි. මේ හේතුවෙන් කුවේණිය සිත්තුල ඇතිවූ උපන් කෝපයෙන් කුවේණි ගලමත හිද විලාප නගමින් රජුට ශාප කළේය.

ඒ නොසිදුණු ශාපයෙන් විජය රජුගේ මූණට පැන්න බවත් ඒ හේතුවෙන් රජුගේ අවසානය සිදු වූ අතර  ඒ ද්වි දෝෂය හේතුවෙන් විජය රජුගේ ඇවෑමෙන් රාජත්වයට පත් #පඬුවාසුදේව රජුනට සිහිනයෙන් දිවියෙකු දැක බිය වීමෙන් මරණයට පත්වූ බව ඉතිහාසයේ සදහන් වෙයි.

කොහොඹා කංකාරියේ නම් කාව්‍යය සාහිත්‍යයේ මුල් තැනක් හිමිවන්නේ මේ කුවේණි අස්නටය.
කුවේණි අස්න ගායනා කරමින් නර්තනයේ දෙදෙමින් නටන මේ නැටුම අප ඉතිහාසයේ පැරණිතම මුද්‍රා නාටකය බව #උඩරට නැටුම් කලාව" කෘතිය රචනාකල #ජේ. ඊ. සේදරමන් මහතා සදහන් කරයි.

කුවේණි අස්නේ  විජයවතාවරණය සදහන් වන කොටස හොදින් පරිශීනය කරන්න.

සිංහ පුරවර සොඳා
රජ ඉසුරු විඳ විඳා
කරණ නොපණත් සඳා

නැව් නගා හළ සඳා
ලක් දිවට බැස එදා
නුග සෙවන මැද එදා

තනිව උන් සඳ රඳා
බත් බුලත් දී සොඳා
මවා විමනක් සොඳා

රජු දෙදෙන එහි නිදා
වූ සඳෙහි රිවි උදා
වෙළඹ වෙස් ගෙන යොදා

යකුන්ගේ පුර වදා
මරා උන් ලුහු බැදා
රජ සැපත් නුඹ යොදා

දවසරින කල එදා
බිසෝ කර මා සොඳා
නොවෙන්වන ලෙස සඳා

දිවුට දෙන සඳ එදා
යකිනි බව නොදැනුදා
දැන් මහි මී නුඹ සදා

මහත් දළ පෙම් බැඳා
සමඟ වැස නුඹට දා
කොටම දරුවන් වදා

උන් මෙමා ඇර අඳා
දැන් සෙනේ වෙන යොදා
හිමි වියෝ වූ සඳා

"සුපුන් සඳ උදයකින් දිලී යටව සේ පෙනෙයි.

මේ ගීතය සමග සමීප ලෙස ඒකාත්මික තාවයෙන් සැසදෙන්නේ කුවේණි අස්නේ නාද රටාවල රිද්මයන්ටය.

"අපගෙ මුණි රාජාණන්
එකුසිනාරා නුවර
වැඩමකර ත්ල්‍ ය බුජ...

ආදී ලෙසින් ගැයෙන කොටසයි.

ජනශ්‍රැති මූලයන්ගෙන් මඬවලයන් විරචිත මේ ගීතයේ රසෝද්පාදන මූල බීජය සවනින්ම  පමණක් සවන් නොදී හදවතින්ද රසවිද බලන්න. ඒ මිහිරියාව කොතරම් ඔබේ හදවත ස්පර්ශ කරනවාද යන්න.

© ප්‍රසාද් ප්‍රනාන්දු....🖋️

මෙවැනි රසාලිප්ත ගී මිහිරක ආත්මීය රසය විදගන්න ඔබත් පිවිසෙන්න අපගේ ගීතමය රසෝඝයට....

"ගී මිණි අරණ" ....

Prasad.Fernando
Автор

පුදුමා කාර සුන්දරත්වයක් වගේම, පුදුමාකාර වේදනාවක් කැටි ගැසී ඇත.songඑක මාරම ලස්සනයි

nipunasrimal
Автор

අදත් ආදරෙයි මේ පදවලට සහ තාලයට වගේම හිත හෙමින් අත ගාන බට නලා හඩට.තාමත් හිත නිවෙනවා වරක් නොව සිය දහස් වරක්.
දයාබර ගීතය... ඔබ පවසන දේ සත්‍යයි.
ජීවිතයම හීනයක්.වරින් වර එළිය වැටෙනවා සේ පෙනුනත් කළුවරම උරුම වූ

nethsaralakmal
Автор

මේ වගේ ගීත ලියවුන කියවුන රටකනෙ දැන් මැට්ටියේ/සුදු නෝනෙ/වැලලෙන්නම් /මැරෙන්නම් කියලා හොටු බයිලා ලියවෙන්නෙ 😣???

thilinawijayasinghe
Автор

මේ ගීතය අසන අවස්ථාවේ මාලිනියන් රෝහල් ගත කර තියෙන්නේ.. එතුමිය ඉක්මනින් සුවපත් වේවා💚🙏

dulshanchandrasekara
Автор

මල් සිංදු වලට 3M +
එත් මේවට 😥 රටේ තත්වෙ තමා ඉතින්

sahankavinda
Автор

ගීතයක් කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම මේ ගීත වලට❤

sakuramadhuwanthi
Автор

"ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිසමත බරවෙලා"😢😢😢හරියට මගේ ජීවිත කතාව ඇගේ හඩින් ගැයුවා වගෙයි..දීර්ඝායුවේවා නන්දාමාලිනී මැතිනියට..ස්තූතියි රජිතා හදවතේ ලියැවුනු ගීත ගෙන එනවාට!!💕💕💕💕

sayumikoushi
Автор

92 උපන් මා, මට වයස 15දී මේ මොන ඇඩියාවක්ද සිතුවා,
20 පහු වෙනකොට ඇහෙනකොට මොකක්ද දෙයක් දැනුනා,
දැන් 30ත් පැන්න මට නන්දා මාලිනියන්ගේ සැදෑ කළුවර ඇහෙනකොට හිරිගඩුත් පිපෙනවා...
කාලය, වයස, තේරුම්
පෘතක්ජන

ishansha
Автор

2021 නෙමයි...හුස්ම තියෙනවා නම්...අනිවාර්යයෙන් අහන්වා

ishankaview
Автор

මම ඉතාමත් ගෞරව කරන, ආස කරන ගායිකාවක් ❤️❤️❤️

thusharasuraweera
Автор

ඈත් වූ සද කියන්නෙ අහසෙ ඒ වෙලාවෙ පායලා තිබ්බ අහසට වෙන්න බැරිද.එයාට කියනවා මගේ සරා සද තනිවෙලා.ඒ වගේම මමත් තනිවෙලා. ඒ වචන වෙනමම කඩලා බලන්න.ඒක වෙනම කතාවක්.ඇත්තටම සද නැත්නම් අපි කොහොමද සරා සද කියන්නෙ?අන්න ඒ වගේ හැමදාමත් අපිට අපේ දසුනින් ඈත් වූ සද නැමැති ඇත්ත හැමදාම ඒ අපෙන් ඈත තියන සදමයි.ඒකයි ඇත්ත.සරා සදලා ගොඩක් ඉන්න මේ ලොකේ දසුනින් ඈත් වුන ඇත්ත හද තියෙන්නෙ අපිට ගව් ගානක් දුරින්.ජය....

NIRVANALOKA
Автор

ඔබතුමියට බොහෝ පින් මෙවැනි ඉතා විශිෂ්ට ගීත අපට දායාද කරාට ❤️💯 ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා! 🙂❤️

alexanderthegreat
Автор

මට හැගෙන අර්ථය
ආර්ථික ප්‍රශ්න නිසාවෙන් මැදපෙරදිග සේවයට ගිය ගෘහණියක්තම සෙනෙහෙබර ස්වාමියාට දුක පැවසීම

sigeragehani
Автор

නියමයි
ගීත කියන්නෙ මේවට
අමුතුම ලෝකේකට යනවා
අහන්න ආසයි
Music නියමයි
Thanks lot dear

niroshawanniarachchi
Автор

ආදරයෙ වෙදනව දන්නා මට මෙ සින්දූවෙ වෙදනව පුදුමකර ලෙස දැනුනා🥺💯💯

upanandadesilva
visit shbcf.ru