Me tharam siyumelida kalugal - Sunil Edirisinghe

preview_player
Показать описание
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා
තවම තනිකඩ යැයි කියා

ගී පද - රජී වසන්ත වෙල්ගම
ගී තනුව - දර්ශන රුවන් දිසානායක
ගායනය - සුනිල් එදිරිසිංහ
Рекомендации по теме
Комментарии
Автор

මහන්සි වී වැඩ අවසන් කර විවේකීව සිටිනා විටදී සවන්දෙන ගීත කීපය අතුරින් මගේ මානසික හා කායික වෙහෙස නිවාලන මිහිරිම ගීතයකි

easymathswithkarunarthnadg
Автор

අපි දකින සුන්දර, සියුමැලි, වටින, අනර්ග සැම වැඩක් පිටුපස අනන්ත දුක් විදපු මිනිසකු සිටි.

m.a.wasanthamalkanthi
Автор

බෞද්ධයෙක් විමගැන පුදුම සතුටක් දැනෙනව මෙවැනි සින්දු අහනකොට

prasadanidammika
Автор

අවුකන පිලිමයේ නිර්මාතෘ භරණ ගල් වඩුවාට උත්තමාචාරයක්💗💗

randidilhara
Автор

මට තාම 18ඉ එත් මන් හැමදාම අහන ආදරෙ කරන සින්දුවක් මෙ සින්දුවෙ තෙරුම වචන වලින් කියා නිම කරන්න බැ 👌👌✌️

nimashabambarenda
Автор

මන් කතෝලික ඒත් තාම අහනව දන්න කාලේ ඉදල 🥹😌 2023 තාමත් අහන අය like එකක් දාන් යන්න♥️

sebastianraghu
Автор

දැන් තියන සින්දු වගේද මේවා සින්දුවට වශී වුණ අය 👍 දාගෙන යන්

hirushahettiarachchi
Автор

මම කතෝලික හැබැයි. මේ සින්දුවට පට්ට ආදරෙයි. ඒ වගේම අපේ හමුදුරුවන්ටත්🥰🥰🥰

josephpriyaranga
Автор

අවුකන පිලිමය හැදුවෙි බරණ ගල්වඩුවා ඔහු එ පිනේ මහිමයේන් නිවන් දැක්කත් අපි තවමත් කලාවැවෙි මැවෙින ඉපදෙන රළ වගේ සංසාරේ මැරි මැරි උපදිනවා මෙි සසරද අර රළ හා සමානය ජිවිතය නුවනින් දැක නිවන් දකින්න මග පාදා ගමු සියලුම දෙනාට බුදුසරණයි

jagathpushpakumara
Автор

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා..( අදටත් රහසක් එ මහා අපූර්වත්වය )🙏🇱🇰

thasmiilangasinghe
Автор

2050 වර්ෂය උනත් මේ සිංදුව පරණ වෙන් නෑ ❤️👌⭐

k.
Автор

අපේ ජීවිතය මැරෙන ඉපදෙන රළ වගේ ...නිමක් නැත...එබැවින් නිවන කරා යොමු වීමට උත්සාහ කරන්න ....සියලු දෙනාමටම බුදු සරණයි .

anurashantha
Автор

හිතක් නිවන ලස්සන ගීතයක්...මෙහි අන්තර්ගත තේරුම වටහ ගත් විට මිනිසෙකුගෙ ජීවිතේ තනිකම අතර දෝලනය වන මිනිස් සිතුවිලි සමුහයක් පැවසෙනවා..

happyhomeproduction
Автор

බලහල්ලා මේ සින්දු දැන් තියෙන වැලපෙන සින්දු වලට වඩා කොච්චර නම් ලස්සනද? කොච්චර නම් අර්ථවත්ද? ❤️✅🌈️

shehanmaduwantha
Автор

අම්මෝ මේ ගීතය නම් පපුවටම වැදුනා. ඉතාමත් ලස්සන පද රචනාවක්. ඊට ගැලපෙන සංගීත නිර්මාණය. සුනිල් එදිරිසිංහ මහතාට මෙවැනි ගීත ගැයීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ රූප රාමු මේ ගීතයට ඉතාමත් ගැලපෙන අයුරින් යෙදීම නිසා ගීතයේ අබ්යන්තරය පහසුවෙන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේක විශිෂ්ට ගීත නිර්මාණයක්.

surajalwis
Автор

, ඉතාමත් දුර්ලභ ගී නිර්මාණයක් .
ඒත් සත්‍යක් ..
කලු ගලක කෙටු බුදු රුව හරියට පන ඇතිවා සේය .ඉතාම සියුම් අගනා නිමාවකි..
බරණ ..ගල් වඩුවානෙනි ඔබ ඒ පිනින් නිවන් දකින්න ඇති ..ඒත්
අපි තවමත් සංසාරේ දුක් විදිමින් පාවෙති..

සදතාරුකා
Автор

මේ වගේ සුභාවිත ගීත වලට වචන, සංගීතය, තනු කොහෙන් ආවදෝ කියලා හිතාගන්න බෑ... පුදුම ආශ්චර්‍යයක්. අදකාලේ තරුණ තරුණියන් අහන, කියන වඳුරු විලාප, නරි අඳෝනා කුණු කාණු පල්ලේ මේ ගීත කරලියට එනකොට. මමත් තරුණයෙක්. මගේ වයසේම තරුණ පරපුරේ අයගෙන් ඉල්ලන්නේ ඔයාලා ඔය අහන අඳෝනාවල්, කසිකබල් අලුත් ගීත වලින් මිදිලා මේ වගේ අතිශයින්ම අලංකාර ගීත අහන්න, ලියන්න, කියන්න. ලංකාවේ සංගීත කලාව රැකිලා තියෙන්නේ මේ වගේ සුභාවිත ගීත වලින් මිසක් අදකාලේ යන කසිකබල් ජරාවවලින් නෙවෙයි.

Sanjayathisara
Автор

යම් කිසි තැනක මෙම ගීතයේ තේරුම පහදනවනම් පැය ගනනක් අර්තවත් කරන්න පුලුවන් සින්දුවක් තමයි මේක😍

renukapriyadarshani
Автор

ගීත නිර්මාණයේ අති විශිෂ්ටතම ඉතාමත් වටිනා වු ගීතයක් .. එය ගායනා කල ඔබ තුමාට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

nilupaasha
Автор

මට මේ සින්දුව ඇහෙන හැම සංසාරෙකම බුදු වේවා!... 😢 ❤❤
මේ තරම් සියුමැලිද කලුගල්....
මම මෙය අහන හැම වාරෙකම මට ඇහෙන් කඳුළු මම මේ සිංදු වලට හරිම

PrabathMolligoda-tczq
join shbcf.ru