Samanalunta tikak thiya || Tikiri Animations

preview_player
Показать описание
Sinhala cartoon animated songs for children
("SinduPedia" Animated Music DVD - Sinhala)
A creation of Janaki Sooriyarachchi

සමනලූන්ට ටිකක් තියා----

’මල් පිපෙන්නෙ මේ ලෝකෙ ලස්සන කරන්න - සුවඳ කරන්න - සමනලූන්ට පැණි බොන්න - බුදු සාදුට පූජකරන්න - මගේ පුංචි මල්වත්තෙ මල් පිපෙන්නෙ අපි හැමෝටම ----- '

සමනලූන්ට ටිකක් තියා - අත්තම්මට ටිකක් තියා
පන්සල් යන කොයි කාටත් නෙලන්න තියලා
මගේ පුංචි සමන් වැලේ - අග්ගිස්සෙම පිපුණු පුංචි
සමන් පිච්ච මල් පොඩිත්ත නෙලාන ආවා
බුදු සාදුට දෝතින් මම නෙලාන ආවා

පුංචි අපට මුළු ලෝකෙට - හොඳ හොඳ දේ කියා දුන්නු
බුදු සාදුට දොහොත් මුදුන් තබා වඳින්නම්
පණ නොනසමි - බොරු නොකියමි - නුදුන් කිසිදෙයක් නොගනිමි
මල් පුදලා බුදු සාදුට පොරොන්දු වෙන්නම්
රැ නින්දට යනතුරු මං ඒක රකින්නම්

සමනලූන්ට ටිකක් තියා -

පුංචි මා අතින් වරදක් - වුණොත් එහෙම සමාවෙලා
කියා දෙන්න ආයෙ එහෙම නොකර ඉඳින්නම්
කාටත් ආදරේ කරන - කාගේවත් හිත් නොරිදන
සුවඳැති හොඳ සමන් වැලක් වගේ හැදෙන්නම්
පෙති සැලූණත් මං තව තව සුවඳ බෙදන්නම්

සමනලූන්ට ටිකක් තියා -

පදරචනය ඃ ජානකී සූරියආරච්චි
ගායනය ඃ ජානකී සූරියආරච්චි
තනු නිර්මාණය ඃ ජානකී සූරියආරච්චි
සංගීතය ඃ නලින් සංජය සුරවීර
සජීවීකරණය : ජානකී සූරියආරච්චි, ඩිලාන් ටිරෝෂණ

TIKIRI ANIMATIONS channel presents Animated Songs, Fairytales, Nursery Rhymes, moral stories and educational cartoons created by Janaki Sooriyarachchi, a multifaceted, award winning Children's Author/ Artist/ Child Educationist, paving the way to establish a solid foundation for the development of a child’s character, attitude, behaviour, knowledge, skills and creativity to spur further development and growth in Education, Moral values, Social and Emotional skills, Independence, Language ability, Cognitive ability, Artistic ability and upright responsible citizenship.
Рекомендации по теме
join shbcf.ru