A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |

preview_player
Показать описание

It also helps to regulate the body's metabolism.Gambooge helps to reduce stress and depression.We also use it for the purpose of sourdough and for making jars.We hope to bring you the flavors of jadis in the future as well.You might know that garlic can be preserved laying with gambooge

Our country is a land of people who have been very kind to nature since ancient times.There are people who have cured most of the nursing.Because you are a gift from nature for good. Don't forget to share with me about the kinds of little handicaps you know.
So do not forget to leave your comment to me as usual.Get closer to nature.
May the Triple Gem Bless You ... !!!

Your dear Poorna ♥ ️

Inspired by 李子柒 Liziqi ❤🍃

රස ගුණ පිරි ගොරකා..🍑🌿

ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්.ඒ වගේම තමයි ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීමට සහායකයක් ලෙසද අතීතයේ සිටම ගොරකා ප්‍රසිද්ධයි.ගොරකා ප්‍රභේද ලෙස රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා සහ රට ගොරකා යනාදී වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරනවා.මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කරනවා.🌿🌿

ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයක් මෙන්ම ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයක්.වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගන්නවා.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වන අතරම..රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදාගන්න පුලුවන්.අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්.ඒ වගේම ටිකක් මහත අය ඉන්නවානම් මෙන්න එයාලාටත් පොඩි විසදුමක් තියෙනවා..😍 ගොරකා දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගන්න පුලුවන් වගේම සිරුරේ සිනි ප්‍රමානය වපවත්වගන්නත් හැකියි..
එමෙන්ම සිරුරේ පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් වීමට ද ගොරකා උපකාරී වෙනවා.ගොරකා මානසික ආතතිය,විශාදය අඩුකිරීමට උපකාරී වෙනවා.එනම් ගොරකා වල ඇඹුල් රසයට බලපාන හයිඩ්‍රොක්සි සිට්‍රික් අම්ලය මානසික ආතතියේදී ඇතිවන රසායනික සංඝටක පාලනය කිරීම සදහා ඉවහල් වෙනවා.
තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගන්නවා.මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගන්නවා.නිවැරදිව ජාඩි හදන විදියත් ඉදිරියේදී ඔයාලා වෙත ගෙන එන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.. වියළාගත් ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගන්න පුලුවන් කියලා ඉතිං ඔයාලා දන්නවනේ..

අපේ රට කියන්නේ අතීතයේ ඉදලම සොබාදහමට බොහෝ ලැදි..වෙද හෙදකම් වලින් බොහෝ දෙනා සුවපත් කල මිනිස්සු ඉන්න රටක්..ඉතිං ඒ කාලේ ඉදලම යොදාගත් අත් බෙහෙත් සඳහාත් ගොරකා යොදා ගන තියෙනවා.වෙද හෙදකමට නම් මමත් බොහෝ සෙයින් ඇලුම් කරනවා💛මොකද කියනවානම්..එය මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් සොබාදහමින්ම අපට ලැබුන ත්‍යාගයක් නිසා.ඔයාලා දන්න ඒ වගේ පුංචි පුංචි අත්බෙහෙත් වර්ග ගැන මාත් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.ඒ තරමටම මම පාරම්පරික වෙදකමට හරිම ආදරෙයී..♥️
ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දෙනවා.
උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනියක් බැඳ කටේ තබා කෙළ ගිලින්න දෙනවා.එමෙන්ම මුකයේ තුවාල විදුරුමස් දියවීම සදහාත් ගොරකා යොදාගන්නවා.වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා තැලුම් ඇති තැන්වල තබා බැඳීමෙන් තැල්මට ගුණ දෙනවා.ඒ වගේම තමයි ගොරකා ශාකයේත් ප්‍රයෝජනයට නොගන්නා දෙයක් නැහැ.ගසේ මල් කොල පොතු මුල් ගෙඩි හැමදේම සිංහල වෙදකමේදී නිතර භාවිතා කරනවා.ඉතින් ගොරකා ගහක් ඔයාලාගේ ගෙදරත් අද හෙටම හිටවගත්තොත් ඔයාලාට නැතත් ඉදිරි පරම්පරාව වෙනුවෙන්වත් අපි යුතුකමක් ඉටු කලා වෙනවා නේද?..♥️
ඉතිං වෙනදා වගේම ඔයාලගේ අදහසත් මට කමෙන්ට් එකකින් කියලා යන්න අමතක කරන්න එපා.තව තවත් සොබාදහමට ලං වෙන්න.උතුම් කෙනෙකු ලෙස මේ කෙටි දිවිය ගෙවා නික්ම යන්න.එය මගේ එකම පැතුමයි..
තෙරුවන් සරණයි...!!!

ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
#srilankanfood#villagecooking#poornaThenaturegirl
Рекомендации по теме
Комментарии
Автор

Dearest friends, all ingredients are in subtitles, so please turn on the subtitles and enjoy the video.🤗🤗Poorna - The nature girl ❤❤
රස ගුණ පිරි ගොරකා..
ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්.ඒ වගේම තමයි ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීමට සහායකයක් ලෙසද අතීතයේ සිටම ගොරකා ප්‍රසිද්ධයි.ගොරකා ප්‍රභේද ලෙස රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා සහ රට ගොරකා යනාදී  වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරනවා.මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කරනවා.                                         ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයක් මෙන්ම ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයක්.වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගන්නවා.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වන අතරම..රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදාගන්න පුලුවන්.අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්.ඒ වගේම ටිකක් මහත අය ඉන්නවානම් මෙන්න එයාලාටත් පොඩි විසදුමක් තියෙනවා.. ගොරකා දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගන්න පුලුවන් වගේම සිරුරේ සිනි ප්‍රමානය වපවත්වගන්නත් හැකියි..එමෙන්ම සිරුරේ පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් වීමට ද ගොරකා උපකාරී වෙනවා.ගොරකා මානසික ආතතිය, විශාදය අඩුකිරීමට උපකාරී වෙනවා.එනම් ගොරකා වල ඇඹුල් රසයට බලපාන හයිඩ්‍රොක්සි සිට්‍රික් අම්ලය මානසික ආතතියේදී ඇතිවන රසායනික සංඝටක පාලනය කිරීම සදහා ඉවහල් වෙනවා.තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගන්නවා.මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගන්නවා.නිවැරදිව ජාඩි හදන විදියත් ඉදිරියේදී ඔයාලා වෙත ගෙන එන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.. වියළාගත් ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගන්න පුලුවන් කියලා ඉතිං ඔයාලා දන්නවනේ..
අපේ රට කියන්නේ අතීතයේ ඉදලම සොබාදහමට බොහෝ ලැදි..වෙද හෙදකම් වලින් බොහෝ දෙනා සුවපත් කල මිනිස්සු ඉන්න රටක්..ඉතිං ඒ කාලේ ඉදලම යොදාගත් අත් බෙහෙත් සඳහාත් ගොරකා යොදා ගන තියෙනවා.වෙද හෙදකමට නම් මමත් බොහෝ සෙයින් ඇලුම් කරනවා මොකද කියනවානම්..එය මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් සොබාදහමින්ම අපට ලැබුන ත්‍යාගයක් නිසා.ඔයාලා දන්න ඒ වගේ පුංචි පුංචි අත්බෙහෙත් වර්ග ගැන මාත් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.ඒ තරමටම මම පාරම්පරික වෙදකමට හරිම ආදරෙයී..♥️ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දෙනවා.උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනියක් බැඳ කටේ තබා කෙළ ගිලින්න දෙනවා.එමෙන්ම මුකයේ තුවාල විදුරුමස් දියවීම සදහාත් ගොරකා යොදාගන්නවා.වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා  තැලුම් ඇති තැන්වල තබා බැඳීමෙන් තැල්මට ගුණ දෙනවා.ඒ වගේම තමයි ගොරකා ශාකයේත් ප්‍රයෝජනයට නොගන්නා දෙයක් නැහැ.ගසේ මල් කොල පොතු මුල් ගෙඩි හැමදේම සිංහල වෙදකමේදී නිතර භාවිතා කරනවා.ඉතින් ගොරකා ගහක් ඔයාලාගේ ගෙදරත් අද හෙටම හිටවගත්තොත් ඔයාලාට නැතත් ඉදිරි පරම්පරාව වෙනුවෙන්වත් අපි යුතුකමක් ඉටු කලා වෙනවා නේද?..♥️ඉතිං වෙනදා වගේම ඔයාලගේ අදහසත් මට කමෙන්ට් එකකින් කියලා යන්න අමතක කරන්න එපා.තව තවත් සොබාදහමට ලං වෙන්න.උතුම් කෙනෙකු ලෙස මේ කෙටි දිවිය ගෙවා නික්ම යන්න.එය මගේ එකම පැතුමයි..තෙරුවන් සරණයි...!!!
ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
Gambooge is an indispensable spice in the kitchen.it has got high economic value and low cost of cultivating.                         It also helps to regulate the body's metabolism.Gambooge helps to reduce stress and depression.We also use it for the purpose of sourdough and for making jars.We hope to bring you the flavors of jadis in the future as well.You might know that garlic can be preserved laying with gambooge
Our country is a land of people who have been very kind to nature since ancient times.There are people who have cured most of the nursing.Because you are a gift from nature for good. Don't forget to share with me about the kinds of little handicaps you know.Adding solt to the garcinia boiled water is good for foot wound.for a sore throat, peppers, solt and garcinia mixture put on mouth to swallow them. So do not forget to leave your comment to me as usual.Get closer to nature.May the Triple Gem Bless You ... !!!
 Your dear Poorna ♥ ️

PoornaThenaturegirl
Автор

ගොඩක් ලස්සනයි අක්කා .. හරිම ස්භාව්ක නිර්මාණයක් ගොඩක් ආසාවෙන් බලන්නේ. අපේ රට අපේ ගැමි ජීවිතය ඒ ගැන ලෝකයට කියාපාන කාලයට ගොඩක් ගැලපෙන විචිත්‍රවත් නිර්මාණ තව තවත් කරන්න.. ස්තුති ...👏👏👏

donruwan
Автор

ගොඩාක් ලස්සනයි, හිතාගන්න වත් බෑ සිංහල ගැමි කම ලස්සන පරිසරය, සරැ සාර ගෙවත්තක්, හැම දෙයක්ම තියෙනවා, පල බර වෙලා,

kanthive
Автор

කැමරාවේ පිටුපස වීරයත් නියමයි...❤️.වැඩේ හොඳටම තියනවා.සංගීත සංකලනයත් හරිම ලස්සනයි..❤️

aselachathuranga
Автор

Hello I love watching your chanel I'm watching from Brisbane Australia keep going its amazing beautiful God bless you👍👍👌👌✌✌💖💗❤💙💚💛💜

tairaki
Автор

It’s all about Srilankan food & living style. We are very natural simple people & thank you 🙏 dear for showing our live style to the world 🌎.. proud to be a SRILANKAN 🇱🇰🇱🇰💕💕

menakadassanayake
Автор

എന്താണോ എടുക്കുന്നത് അതിൽ ഒരു വിഹിതം പക്ഷികൾക്കും മറ്റുമായി കരുതി വെക്കുന്നു... i like dat attitude ❣️

A portion of the taking is reserved for the birds .. That attitude is very pleasing🔥

తీసుకోవడంలో కొంత భాగం పక్షుల కోసం కేటాయించబడింది .. ఆ వైఖరి చాలా ఆనందంగా ఉంది🔥

meenootty
Автор

നമ്മുടെ കുടംപുളി
Nice video
God bless you
Stay safe
Love from kerala

aamijayaprabha
Автор

Olá tudo bem, eu amo assistir o seu canal! Que lugar maravilhoso! Onde é esse lugar? Você pode me dizer? Só por curiosidade mesmo?

elionaliagomesdearaujogome
Автор

ගොරක මදවල රස බලද්දි දන්නෙම නැතුව ඒ රස මතක්වෙලා කටේ කෙලත් පිරුන...ලස්සනයි .... බුදු සරණයි ...

shalisrilanka
Автор

ഞങ്ങളുടെ നാട്ടിൽ ഇതിനെ കുടംപുളി എന്ന് പറയും. ചേച്ചിയുടെ വീഡിയോ കാണുമ്പോള് ഒരുപാട് സന്തോഷമുണ്ട്. You are look like malayalam actress Reenu mathew. Love you chechi.

athirajayan
Автор

අම්මටයි තාත්තටයි කටට රසට අපේකමට කෑම හදලා දෙන ලස්සන දුවෙක්....ඔබට තෙරුවන් සරණයි!🙏

CharityDeA
Автор

Behind your camera that person who show you in middle of nature awesome, really i feel i want to be there with nature. Background music just made me nice feel, All wish you all success 👍👍👍I from southern part of Tamilnadu

sathishthiya
Автор

හරිම සුන්දරයි.... විඩාබර මනසට සුවයක් ගෙන දෙනවා. දිනෙන් දින දියුණුවටම පත් වේවා කියලා හදවතින්ම පතනවා. තෙරැවන් සරණයි ..

ruwanirasika
Автор

കുടംപുളി ഇട്ട് വെച്ച നല്ല ചെമ്മീൻ കറി യുണ്ട്

GS_love_passion
Автор

ඔයාලා හැමෝම නියම ගැමිකම පිරුණු උදවිය .. හරිම ආදරණීය යි.. ආදරේ යි පූරණා..❤️❤️❤️

sandamaliwijethunge
Автор

So relaxing....love the sound of nature, original sound of recipe....u realise me that nature is everything..there is no peace without our moher u poorna....

kjsindhav
Автор

පූර්නා ඔයා මොනතරම් සුන්දර ගමකද ජිවත්වෙන්නේ, , මිනිස්සු ගමෙන් නගරෙට ඇවිත් පොශ්වෙන්න හදන මේ වගේ යුගයක, , ඔයා වගේ සුන්දරම සුන්දර අපේකම ගැන කතාකරන අපේකම ලෝකයට අරන් යන මේ චන්ඩි කෙල්ල සැබෑම දක්ශ කෙල්ලෙක්, , පූර්නා ආදරෙයී නංගී❤

maduramanayake
Автор

වීඩියෝව අවසාන වෙනකල් ආදරණීය පූර්ණාගේ ගෙදරම ජීවත් වෙන්නේ මං විතරක් වෙන්න බෑ.අවසානයේ පියවි සිහියට ආවම සියුම් දුකක් දැනෙනවා එතැනින් මිදෙන්න උනට.ඒ තරම්ම ගම්බද සිරියාවට ආදරේ හිතෙනවා .විනාඩි කීපයකට හරී කාර්ය බහුලත්වයෙන් මිදී ජීවිතය විදින්න සලසනවාට බොහෝම පිං ඔයාලට ❤❤🙏🙏

chanubikepissa
Автор

Hey Poorna...what a blessing to be with nature and share a meal with hardworking parents. God bless you

janetdmello